එයා ආවේ ගමේ මිනිස්සුන්ව ආගමට හරවන්නද?

. Wednesday, September 30, 2009
4 comments

මෙතෙක් කතාව

ඔන්න සුවාමි ගැන අපේ මිනිස්සු එක එක දේවල් කතා වෙනවා. විශේෂයෙන් සුවාමි මිනිහෙක් වගේ ඇඳලා ඉන්න එක ගැන......

සුහද කතා බහ අතරේ වරක් හිතවත් තරුණයෙක් මයිකල් පියතුමාට පැවසීය. ඔවුන් අදහස් කළේ පියතුමා ලෝගුවක් අඳිනු කිසිවිටක දැක නැති බැවිනි.

"මිනිහෙක් විදියට ඉන්න පුළුවන් වෙච්ච එක කොයිතරම් වාසනාවක්ද?" පියතුමා නිහතමානී සිනහවකින් යුතුව ඇසීය. එහෙත් ඇතැම් විට ඔහුගේ කථාවෙහි වූ ගැඹුරු අරුත එම ගැමි තරුණයාට නොවැටහෙන්නට ඇත.

මයිකල් පියතුමාගේ මෙම අමුතු හැසීරීම් විලාසයම ගමේ සමහර පුද්ගලයන් තුල සැකයක් ඇති කර තිබිණි. පූජකවරයෙකු වුවත් ඔහු පෙනුමෙන් සැබෑවටම ගැමියෙකි.

මිනිසුන්ද ඔහුට හිතවත්ය. අන්‍යාගම්වලට මිනිසුන් විශේෂයෙන් බෞද්ධයන් නම්මවා ගනු ලබන නොයෙකුත් උපක්‍රම දැන් රටපුරා පැතිර පවතී. සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස වෙස්වලාගෙන මෙම පූජකවරයා පැමිණ ඇත්තේ එවැන්නකටද?

ඇතැම් වැඩිහිටි බෞද්ධයන් සේම පන්සලේ හාමුදුරුවරුද මේ පිළිබඳව නිතර කතාකරන්නට වූහ.

"එයා මේ ගමේ මිනිස්සුන්වත් නාවන්න ආවද දන්නේ නෑ" එක් හිමිනමක් දායකයන්ට පැවසීය.

එම හාමුදුරුවන් "නෑවීම" යනුවෙන් අදහස් කළේ බෞතීස්ම කිරීම පිළිබඳවය. එසේම බෞද්ධයන් රැවටීම යන අරුතද එම "නෑවීම" යන වචනය තුළ ගැබ්ව තිබෙන්නට ඇත.

"දර්ශනයක් කියන්නේ කඳවුරු හදාගෙන මිනිස්සු ඒක ඇතුළට ගාල් කරගන්න එක නෙමේ. ඒක සැබෑ ක්‍රිස්තියානි දර්ශනයට පටහැනියි. දෙවියන් වහන්සේ කැපවුණේ පීඩිත ජනතාව වෙනුවෙන්. මේ ලෝකයේ දුක්ඛිතයන් සුඛිතයන් කරන එක දෙවියන් වහන්සේගේ කාර්යය. ඒකට අමුතුවෙන් කඳවුරු හදා ගන්න ඕනා නෑ. දෙවියන් වහන්සේ බෞද්ධවත් කතෝලික වත් නෙවෙයි. සැබෑ දේව දර්ශනයට ආගම් භේදයක් නෑ. ජාති භේදයක් නෑ. මම දිළින්දන් අතරට ආවේ ඒකයි. මිනිස්සුන්ට සේවය කරන්න ඒ අයට ආගම පොවන්න උවමනා නැහැ.

------ 15 ------

ඊලඟ පිටුවට

නිවහනට පදිංචියට පැමිණෙයි.

. Tuesday, September 29, 2009
2 comments

මෙතෙක් කතාව


එම පුද්ගලයා පසුපසින් තවත් මිනිසකු විය. අළුකළවිට ගමේ ඉලුක් සෙවිලි කොට කටුමැටියෙන් නිමැවුණු පුංචි නිවහනක මේ අපූරු මිනිසා පදිංචි විය. එම පුංචි නිවහන "සුබසෙත් ගෙදර" නම් විණි.

දුකින් පිඩිතව දරිද්‍රතාවයෙන් මිරිකෙමින් එදා වේල හම්බ කරගන්නට වැර වෑයමක යෙදුණු මේ ගම්මුන්ට මෙම පුද්ගලයා අලුත් කෙනෙකු නොවීය. මීට පෙරද ලියෝ නානායක්කාර බිෂොප් තුමා ඇතුළු තවත් කිහිප දෙනෙකු සමඟ හෙතෙම වරින්වර මෙහි පැමිණ කුළුපග අයුරින් කතා බහ කොටද තිබිණ. මේ අපූරු මිනිසා කෙසඟ සිරුරුවලින් යුතු තම සිඟිති දරු පැටවුන් වඩාගෙන සුරතල් කල අයුරු, ඔවුන් සිනාගැන්වූ අයුරු ගැමියන්ට මතකය. කතා බහෙන් හැසිරිමෙන් ගැමියනුත් ඔහුත් අතර කිසිදු වෙනසක් නැත. එපමණටම මෙම පුද්ගලයා පිටස්තර හෝ ආගන්තුක බවින් තොරවූ අතර ඔහු තමන්ගේම කෙනෙකු මෙන් සිතෙන තරමට තමාට සමාන අයුරක් ගැමියන්ට දැනිණි.

අළුකළවිට ගැමියන් අතර හිඳිමින් ඔවුන් හා ගැවසෙමින් හිඳින මේ අපූරු මිනිසා කතෝලික පූජකවරයෙකු බව ගම්මුන් දැන සිටියහ. එහෙත් වෙනත් පුජකවරුන් මෙන් ඔහු පූජක ලෝගුව ඇන්දේ නැත. නිතර දෙවේලේ ඔහුගේ වත සැරසුවේ සාමාන්‍ය සරමක් හා කමිසයක් පමණි. එයද බෙහෙවින් චාම් බවින් යුතුවිය.

"ඔය මනුස්සයා හරිම අමුතු කෙනෙක්. මොකටද දන්නෙ නෑ හදිස්සියෙම ඇවිත් මෙහෙ පදිංචි වුණේ."

අවට ලෝකය ගැන තරමක් විමසිලිමත් වන ගැමියෝ එම පුදගලයා පිළිබඳව එසේ කතා කළහ. නිරතුරුවම කටුක දුක් අනුභව කරන බොහෝ ගැමියන්ට ගමට අළුතින් එන යන අය පිළිබඳ සොයා බලන්නටවත් වෙලාවක් නොතිබුණමුත් මයිකල් පෝල් රුද්‍රිගු නමැති මෙම පූජකවරයා තුළ අසාමාන්‍ය තරමටම තිබූ සාමන්‍ය බව හමුවේ ගමේ තරුණයන් අතර ඔහු ජනප්‍රිය පුද්ගලයකු බවට පත්වී තිබිණි. එබැවින් ඔහුගේ දිළිඳු නිවහන වූ "සුබසෙත් ගෙදර" නිතර දෙවේලේ නොයෙකුත් පුද්ගලයන්ගෙන් පිරී යන්නට පටන් ගත්තේය.

------ 14 ------


ඊලඟ පිටුවට

බුත්තලට ආ අසිරිමත් අමුත්තා - 01

. Monday, September 28, 2009
2 comments


1 වන පරිච්ඡේදය

බුත්තලට ආ අසිරිමත් අමුත්තා


බැලූ බැලූ හැම තැනකම දිස්වූයේ කාෂ්ටක අව්වෙන් පීඩිත බාගෙට මියැදි තිබූ ගස් කොලන්ය. ඒ අතර තැනින් තැන ඉලුක් සෙවිලිකොට කටු මැටියෙන් නිමවූ කුඩා පැල්පත් බඳු ගෙවල් දිස්විණ. උළු වහලක් ඇති ගෙයක් දෙකක් මහපාර අද්දරට වන්නට තිබෙනු දැකිය හැකිවිය. ගිනි අව්වෙන් මතුවෙන මිරිඟු දිය පිටාරය බලන්නෙකුගේ දෙනෙත් පීඩාවෙන් හැකිල වීමට සමත් විණි.


පටුන

. Saturday, September 26, 2009
0 comments

















  1. බුත්තලට ආ අමුත්තා 13
  2. දිළිඳුන් මැද ලැ‍ගුම් ගනියි 27
  3. පුන් පෝදා පන්සලේ දහම් දෙසයි 48
  4. සමාජ අසාධාරණයට එරෙහිව 65
  5. පියතුමා ගැන අභූත චෝදනා 73
  6. භීෂණ සමයේ ජීවිතාවදානමක් 89
  7. ජනතාව උදෙසා දිවි පුදති 98

    නිදාන කතාව අවසාන කොටස

    . Friday, September 25, 2009
    0 comments

    මෙතෙක් කතාව

    මයිකල් රුද්‍රිගු පියතුමන්ගේ ජීවන චරිතාපදානයට අවශ්‍ය කරුණු සොයා යන ගමනේ දී මට මුහුණ දෙන්නට සිදු වූ බාධක අවහිර එමටය. ඇතැම් ආගමික ස්ථානවලින් පළමුව මගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ "ඔබේ ආගම කුමක්ද?" යන්නය. මා බෞද්ධ බව කී සැනින් "එහෙම නම් වෙන දවසක එන්නැයි" කියා අඩවන් වූ දොරවල්ද යළි වසාගත් පැවදි පාර්ශවයේ බොහෝ දෙනෙකු ගැන මට මේ මොහොතේ සිහිපත් වෙයි. එසේ මයිකල් රුද්‍රිගු පියතුමන්ගේ නම ඇසුණු පමණින් එක්වරම මුහුණ අඳුරු කරගෙන මා හට ඔහු පිළිඹඳව තොරතුරු දීමට මැලිකම් පෑ පැවිදි පිරිස් ද විරල නොවූහ.

    නිදාන කතාව - පිටුව 9

    . Thursday, September 24, 2009
    0 comments

    මෙතෙක් කතාව



    මෙම වෘත්තාන්තය පළවීම ආරම්භ වූ මුල් සතිවල එවන් දුරකථන ඇමතුම් ගණනාවක් ද අප වෙත යොමු විය.

    එහෙත්, එම වෘත්තාන්තයේ මූලික හරය එය පත්‍රයේ පළ වූ මුල් සති කිහිපය තුළ ප්‍රකට නොවීමෙන් ඔවුන්ගේ අවේග පිබිදුණු බව දැනගත් මම නිසොල්මනේ මගේ කාරිය කරගෙන ගියෙමි.

    "මා හට මයිකල් රුද්‍රිගු පියතුමා හමු වීමට අවශ්‍යය. එතුමන්ගේ වත්මන් ලිපිනය හා දුරකතන අංකය දන්වන්න." මෙම වෘත්තාන්තය පළවීම ඇරඹී සති හත අටකින් ඉහත සඳහන් ඉල්ලීම සහිත ලිපි, තැපැල් පත් සේම දුරකතන ඇමතුම්ද නිතර නිතර ලැබෙන්නට විය.

    කෙසේ හෝ කිසියම් බලවේගයක් විසින් මෙහෙයවනු ලැබූ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් පියතුමාගේ මොළය පුපුරා ගොස් එතුමන් එතැනම ජීවිතක්ෂයට පත්වූ සිද්ධිය විස්තර කරමින් මෙම වෘත්තාන්තය නිමවීමත් සමඟම අප වෙත යළි ඒ සම්බන්ධ ලිපි, තැපැල්පත් සහ දුරකතන ඇමතුම් රැසක්ම ලැබිණි. ඒ බොහොමයකින් පවසන ලද්දේ බොහෝදෙනෙකු මෙම වෘත්තාන්තයේ මුල් කොටස් උනන්දුවකින් නොකියවූ බැවින් යළි ඒ කොටස් ද හොඳින් කියැවීමට අවස්ථාව සැලසෙන පරිදි මෙම වෘත්තාන්තය පොතක් වශයෙන් පළ කිරීම යෝග්‍ය බවය. මෙය පොතක් වශයෙන් ඔබ අතට පත් කිරීමට මා අදහස් කරන ලද්දේ ඉහත දැක්වෙන ඉල්ලීම්වලට ද කන්දීමක් වශයෙනි.

    "අසිරිමත් මිනිසෙක්" යනුවෙන් "රැජිණ" පත්‍රයෙහි පළ වූ මෙම චරිතාපදානය මෙසේ පොතක් වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය ධෛර්යයත් ශක්තියත් ලබා දුන් සුමති සමූහ ව්‍යාපාර, සභාපතිනි මිලිනා සුමතිපාල මැතිනියටත් සීමාසහිත සුමති පුවත්පත් (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයටත් මගේ ප්‍රණාමය පළමු කොට හිමි කරමි.

    එසේම මෙම ලිපි පෙළ සැකසීමේ දී මෙන්ම ග්‍රන්ථය කලඑළි දැක්වීමේ දී ද නිරන්තරයෙන් මට මඟ පෙන්වූ රැජිණ ප්‍රධාන කර්තෘ තිලක් සේනාසිංහ මහතාටත් මගේ කෘතවේදීත්වය හිමි වෙයි.


    ------ 9 ------

    ඊලඟ පිටුවට



    නිදාන කතාව පිටුව 8

    . Wednesday, September 23, 2009
    0 comments

    මෙතෙක් කතාව


    අසූ හතේ අපේ රටේ ඇති වුණු භීෂනයට මුල දේශපාලන කැරැල්ලක්. ඒත් මේ පියතුමා කිසිම ආකාරයකින් අපේ රටේ දේශපාලනයට සම්බන්ධ වුණු කෙනෙක් නෙමෙයි. නමුත් ඒ භීෂණ අන්ධකාරය අතරින් ආපු අභිරහස් වෙඩි පහරක් තමයි පියතුමාගේ හිස ඇතුලට කිඳා බැස්සේ. අනික ඝාතකයා වෙඩි තිබ්බේ පියතුමාගේ මොළය ඉලක්ක කරගෙන. ඒ වෙඩි පහරින් පියතුමාගේ මොළය පුපුරලා, ඒ මස් වැදලි හතර අතට විසිරුණා. එත් එතුමාගේ චින්තනය, දර්ශනය විනාශකරන්න ඒ ඝාතකයාට බැරි වුණා. ඒක අදටත් වඩා දිප්තිමත් විදිහට හෙට මේ සමාජයට පෙනේවි." කර්තෘවරයා කීය.

    " එතකොට ඇයි ඒ අභිරහස් මිනිමැරුම ගැන සොයාබලන්න කොමිසමක්වත් පත්කරන්න මේ වන තුරාම කවුරුවත් උනන්දු නොවුණේ?" මම වේදනාවෙන් යුතුව ඇසීමි.

    " අන්න ඒක තමයි දැන් සමාජය හමුවට ඉදිරිපත් කරන්න ඉතුරු වෙලා තියෙන එකම ප්‍රශ්නය. අපේ රටේ හිටපු, දැන් ඉන්න පාලකයො වගේම ආගමික නායකයොත් මෙ පියතුමාගේ මරණය ගැන වග විභාග කරන්න උනන්දුවක් නැහැ. සමහරු එහෙම සොයාබලනවාට අකමැතියි. ඒ ඇයි කියන ප්‍රශ්නය සමාජය හමුවට ගෙනෙන්න පුළුවන් නම් ඒක හුඟක් වැදගත්." කර්තෘවරයා වැඩි දුරටත් පැවසීය.

    " එහෙමනම් අපි ඒ පියතුමාගේ චරිත කතාව සතිපතා කොටස් වශයෙන් ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්නයට උත්තරය සපයා ගැනීම පාඨකයන්ටම බාර කරමු" මම යෝජනා කළෙමි.

    මෙම පොතෙහි එන අසිරිමත් මිනිසාගේ චරිතාපදානය රැජිණ පත්‍රයෙහි ලිපි පෙළක් වශයෙන් ඇරඹීමේ නිදාන කතාව එයයි.

    " වැඩිපුරම බෞද්ධ කාන්තාවන් කියවන රැජිණ වගේ පත්තරයක කතෝලික පියතුමෙකුගේ කතාවක් ඇදලා ගත්තේ මොකටද? ඒ නිසා ඕක නතර කරලා වෙන මොනවා හරි පටන් ගන්න." මෙම චරිතාපදානය පත්තරයේ පළවීම ඇරඹුණු මුල් සති දෙක තුන තුළ එවන් ලිපි සහ දුරකථන ඇමතුම් රැසක්ම අප වෙත ලැබිණ.

    " ඔයාලා උත්සහ කරන්නේ දැන් අපේ ස්වාමිලාත් බුද්ධාගම ගැන පැහැදිලා පන්සල් එන්න පටන් අරන් කියලා රාවයක් පතුරවන්නද? තව සතියකින් හමාරකින් ඔය ලිපි පෙළ නතර නොකළොත් අපි ඔයාගේ ආගමික සංහාරයට විරුද්ධව ලොකු උද්ඝෝෂණයක් පටන් ගන්නවා.


    ------ 8 ------

    ඊලඟ පිටුවට

    නිදාන කතාව - පිටුව 07

    . Tuesday, September 22, 2009
    0 comments

    මෙතෙක් කතාව


    නිදාන කතාව


    රැජිණ පුවත්පත සඳහා නවතම මාදිලියක වෘත්තාන්තයක් ලිවිය යුතුය යන අදහස කලක් තිස්සේ මගේ සිත තුළ ඉල්පෙමින් යටපත් වෙමින් පැවතිණි. එහෙත් ඒ කෙබඳු අන්දමේ වෘත්තාන්තයක් විය යුතුද යන්න පිළිබඳ හරි හැටි නිනව්වක් මා තුළ නොවීය. නමුදු මම එබඳු කතා මූලයක් සොයා ගැනීම පිළිබඳ නිරන්තර සෝදිසියකින් පසු වීමි. 


    "පන්සලක බණ කියපු කතෝලික පියතුමෙක් ගැන හරිම ලස්සන කතාවක් නම් තියෙනවා. ඒත් ඕවා පත්තරවලට ලියලා දෙපැත්තකින්ම බැණුම් අහන්න වෙයි කියන එක තමයි ප්‍රශ්නේ."


    දිනක් මේ පිළිබඳ කතා බහකදි රැජිණ ප්‍රධාන කර්තෘවරයා පවසන ලද්දේ සිත තුළ රඳවා ගත් දෙගිඩියාවකින් මෙනි.


    එහෙත් ඔහු පවසන ලද වදන් කිහිපය තුළ මා මෙතෙක් සොයමින් සිටි අන්දමේ කතා බීජයක් රෝපණය වී ඇති වගක් මට තදින්ම හැඟෙන්නට විය.


    "මේ වගේ කතා වලින් කිපෙන්නේ ආගමික අන්තවාදීන්, මැදිහත් අදහස් තියෙන බෞද්ධ කතෝලික දෙපිරිසම මේ වගේ කතාවක් කියවන්න කැමති වේවි. අනික බෞද්ධ කතෝලික සහජීවනයට වුණත් මේ වගේ කතාවක් හුඟක් වැදගත් වෙන්න පුලුවන්." ආදී වශයෙන් මගේ අදහස් පලකල මම " එහෙම නම් මම ගිහින් ඒ පියතුමාත් එක්කම මෙ ගැන මූලිකව සාකච්ඡා කරන්නද? " යි කර්තෘවරයාගෙන් ඇසීමී.


    "ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ පියතුමාව විඩි තියලා මරල දාලා දැන් සෑහෙන කලක් වෙනවා." ඔහු පවසන ලද්දේ මා කෙසේවත් නොසිතූ නොපැතූ කතාවකි.


    " කවුද ඒ අපරාධය කළේ? " මම කර්තෘවරයාගෙන් ඇසීමි.


    " මේක සිද්ධ වුණේ අසූ හතේ භීෂණය කාලෙ. කොහොමත් ඒ පියතුමාගේ හිසට තුවක්කු කීපයක්ම එල්ල වෙලා තිබුණා...... ඒත් කොකා ගැස්සුණේ කොයි තුවක්කුවෙන්ද කියන්න අදත් කිසිම කෙනෙක් දන්නේ නැහැ.


    ------ 7 ------





    පලමු ග්‍රන්ථය

    . Monday, September 21, 2009
    2 comments

    ඔන්න එහෙනම් මුල් පෝස්ට් වලට කමෙන්ට් කරපු හැමෝටම ස්තූති කරලා පලවෙනි පොත ඔබ හා බෙදා ගන්න ලෑස්ති වෙනවා.  පළමු පොතේ නම  පන්සලේ බණ කියූ කතෝලික පියතුමා. රචනය ඉන්දු පෙරේරා විසින්.

    ඝාතනයට ලක්වූ මයිකල් රුද්‍රිගු පියතුමාගේ ජීවිත කතාව පිළිඹදව ගවේශනාත්මකව ලිය වි තිබෙන පොතක්. වැඩි විස්තර හැදින්වීමෙන්ම දැන ගන්න පුලුවන් නිසා අද මම පිටකවරය හා හැදින්වීම තෙක් ඇති පිටු කිහිපය scan කර තිබෙනවා. හැදින්වීම සමඟ හෙට සිට දිගටම හමු වෙමු.

     






    මගේ බ්ලොග් එකත් සින්ඩියේ........

    . Friday, September 18, 2009
    13 comments

    හිතුවටත් වඩා ඉක්මනින් මගේ බ්ලොග් එකත් සින්ඩියට එකතු වෙලා. දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුලත බ්ලොග් එක සින්ඩියට දැමීම ගැන කාලිංග ඇතුලත්මුදලි ඇතුලු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඇඩ්මින් වරුන් හට මාගේ ප්‍රනාමය පුද කර සිටිමි.

    මෙපමන කලක් බ්ලොග් කියවමින් සිටි මම මෙම බ්ලොගය තුලින් මා විසින් කියවූ එහෙත් වැඩි දෙනෙක් නොදන්නා ඇතැයි සිතන ග්‍රන්ථ කිහිපයක් ඔබ හා සමඟ බෙදාගැනීමට උත්සහයක් දරනවා. දුෂ්කර ව්‍යායාමයක් වුවද පිටුවෙන් පිටුව වරකට පිටුවක් දෙකක් පමණ මෙහි යතුරු ලියනය කිරීමටයි මාගේ අදහස.

    මෙහි ඇති ගුණ දොස් වැරදි අඩුපාඩු ඔබගේ ප්‍රතිචාරයක් ලෙස මෙහි සටහන් කරන ලෙස හා දිගටම මා හා සමඟ රැදී සිටින ලෙස මම ඉල්ලා සිටිමි.

    ආරම්භය

    . Thursday, September 17, 2009
    4 comments

    මාගේ මේ උත්සාහය මා විසින් කියවනු ලැබූ, අප සමාජයේ වඩා ප්‍රසිද්ධ නොවූ ග්‍රන්ථ කිහිපයක් ඔබ හා බෙදා ගැනීමයි. ඒ අතරින් සමහරක් අද වන විට සැඟවී ගොස් ඇති අතර බොහෝ එවා සොයාගැනීම සෑහෙන අසීරු කරුණක් වී තිබෙනවා. කෙසේ වුවත් මාගේ අදහසනම්  පොත් පිළිඹද හැදීන්වීමක් පමණක් කිරීම නොවෙයි. කුමක්නිසාද යත් මෙම පොත් සොයාගැනීමට අසීරු නිසා.

    එමනිසා මම මාගේ උපරිම උත්සහයෙන් පොත් පිටුවෙන් පිටුව මෙහි යතුරුලියනය කිරීමට සිතුවා. තරමක් අසීරු ක්‍රියාවක් වුවත් නොනවත්වා මෙය කිරීමටයි මම උත්සහ කරන්නේ. ඔබ සියළු දෙනාගේ ගුණදොස් ප්‍රතිචාර මත මෙහි පැවැත්ම තීරණය කරනු ඇත.

    ඉතින් ඔබගේ වටිනා කාලයෙන් මොහොතක් කැප කර මෙම ව්‍යායාමය පිළිඹඳව ඔබගේ අදහස් මෙහි සටහන් කර යන්න.