සුවාමි මේ මිනිස්සුන්ට වතුර වක්කොරන්න නම් ආවේ ආ පැත්තක් බලාගෙන ආපහු යන එක හොඳයි.......

. Sunday, November 1, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව




රටේ තත්වය එන්න එන්නම පිරිහුනා මිස අහිංසක පීඩ්ත මිනිසුන්ට කුමන ආකාරයක හෝ යහපතක් වෙන බවත් නොපෙනිණ. එහෙත් විවෘත ආර්ථික ක්‍රමය ධනවතුන්ට සහ නොයෙකුත් අක්‍රමිකතාවයන්ට මහඟු සවියක් වී තිබිණි.

"සුවාමි මේ මිනිස්සුන්ට වතුර වක්කොරන්න නම් ආවේ ආ පැත්තක් බලාගෙන ආපහු යන එක හොඳයි." යනුවෙන් මුලදී මයිකල් පියතුමාට තර්ජනය කල ගමේ මිනිසුන් සේම ගමේ පන්සලේ හාමුදුරුවන් පවා පියතුමාට බෙහෙවින්ම හිතවත්ව සිටියේ, දිළිඳු මිනිසුන්ට එරෙහි අරගලයේදී පියතුමා ඔවුන්ගේ පැත්ත ගෙන බහුජාතික සමාගම්වලට එරෙහිව නැගී සිටීම හා නිරතුරුවම දිළිඳු මිනිසුන්ගේ පැත්ත ගැනීම නිසාය. එසේම ගමේ දියුණුවට විශේෂයෙන් මිනිස්සුන්ගේ අධ්‍යාත්මික දියුණුව ඇති කිරීම සම්බන්ධයෙන් පියතුමා ප්‍රමුඛ වී කටයුතු කළේය.

සෑම පුර පසොළොස්වක පොහෝ දිනෙකම පන්සල් යෑම මයිකල් පියතුමාගේ සිරිතක් විය. බෝමළුව වෙත ගොස් එහි සුදු වැලි මත වාඩිවී භාවනා කිරීම එතුමා පුරුද්දක් කරගෙන තිබුණි. භාවනාව අවසානයේ ඔහු බෞද්ධයෙකු බඳුවම දොහොත් මුදුන් තබා වැඳ අනතුරුව නැගී සිටියි. සැබැවින්ම මෙහෙදී පියතුමා බෞද්ධ ධ්‍යාන පිළිවෙත් අනුගමනය නොකරන්නට ඇත. සිත ධ්‍යාන ගත කිරීම ගැඹුරු කිතුණු දහමේද සඳහන් වන්නකි. පියතුමා බෝමළුවේ හිඳ එම පිළිවෙත් පුරන්නට ඇත.

වරක් මෙවන් පෝ දිනයක පන්සලේ සුමනසිරි හාමුදුරුවන්ට පිට පළාතක පිරිතක් සඳහා වැඩම කරන්නට සිදුවී තිබිණි. සිල් සමාදන්ව හිඳින උපාසක උපාසිකා පිරිසට සුපුරුදු පරිදි මෙම පෝයට සවස ධර්ම දේශනාව පවත්වන්නේ කෙසේ දැයි සිතමින් හාමුදුරුවෝ ළතැවෙන්නට වූහ.

උන්වහන්සේ නොයෙකුත් ආකාරයට සිතා බැලුවත් සවස ධර්ම දේශනය පවත්වන්නට විදිහක් ඇත්තේම නැත. ධර්ම දේශනය නිම කර එකී පළාතට යාමටත් කල් මදිය.

හාමුදුරුවන් මෙසේ කල්පනා කරමින් හිඳින අතරවාරයේ සුපුරුදු පරිදි පන්සලට පැමිණ භාවනාවේ යෙදී සිටි මයිකල් පියතුමා එය අවසන් කර හාමුදුරුවන් බැහැදකින්නට උන්වහන්සේගේ කුටියට පැමිණියේය.


------ 54 ------

2 comments:

දුකා said...

පහුගිය ටිකේම බලන්න බැරි උනා මචං . . අද තමයි බැලුවේ ඒ ඔක්කෝම . . . නියමයි . . ඔහොම යන්

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

එල එල මචං, අවුලක් නෑ.

දිගටම බලනවා කියලා මම දන්නවනේ ;)