පියතුමාට පන්සලේ බණ කියන්න ආරාධනාවක්?......

. Tuesday, November 3, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


"හරි ප්‍රශ්ණයක්නේ සුවාමි වෙලා තියෙන්නේ?"
හාමුදුරුවන් කතාව ආරම්භ කළේ එපරිද්දෙනි.

"ඇයි හාමුදුරුවනේ?" අසල වූ කුඩා පුටුවක වාඩි වූ පියතුමා ගෞරව පෙරදැරිව ඇසීය.
" අද මට ටිකක් ඈතට යන්න වෙලා තියෙනවා පිරිතකට. මේ සිල් සමාදන් වෙච්ච උපාසික උපාසිකා ඇත්තන්ට හවස බණ ටික කියාගන්න විදිහක් නෑනෙ. ඒක ලොකු පාඩුවක්.... ඒ වගේම ඒක මගේ යුතුකමක්නේ."

"හාමුදුරුවනේ කවුරුවත්ම නැද්ද හොයාගන්න?"

"ඒකනේ සුවාමි මාත් මේ කල්පනා කර කර හිටියේ" යි කී හාමුදුරුවෝ මඳක් කල්පනා කරමින් හිඳ අනතුරුව වට පිට බැලූහ.

"හැබැයි එක්කෙනෙක් නම් ඉන්නවා සුවාමි.... ඒත් කැමති වෙයිද දන්නේ නෑ." හාමුදුරුවන්ගේ මුවගට සිහින් සිනාවක් නැංවිණි.

"එතුමා පැවිද්දෙක්. හැබැයි බුද්ධාගමේ කෙනෙක් නෙමේ. නමුත් බණ දහම් ගැඹුරට දන්නවා. හුඟක් හාමුදුරුවන්ටත් වැඩිය." සුමනසිරි හාමුදුරුවන් කියත්ම මයිකල් පියතුමාගේ මුවගටද සිනාවක් නැගිණි.

"හාමුදුරුවෝ ඔය කියන්නෙ මං ගැනනේ. ඒකට මාත් කැමතියි හාමුදුරුවනේ. මම ඒ උපාසක ඇත්තන්ට බණ කියා දෙන්නම්." පියතුමා අධිෂ්ඨාන පූර්වකව පැවසීය.

හාමුදුරුවන්ගේ සිතට අප්‍රමාණ සතුටක් සේම සැහැල්ලුවක්ද දැනිණි.
ධර්ම දේශනය සඳහා නියමිත මොහොතේ සුමනසිරි හාමුදුරුවන් වෙනුවට මයිකල් පියතුමා ධර්ම ශාලාව වෙත ගියේය. ධර්මාසනයට මදක් නුදුරින් කුඩා අසුනක් තබා ඔහු එහි වාඩි විය.

බුදුරජාණන් වහන්සේ දෙසූ බණ අද කාලයේ අහන්නට දකින්නට ලැබෙන කරුණු තුළින් ගෙනහැර දක්වමින් කියාදුන් කල මිනිස්සුන්ට එය අවබෝධ කර ගැනීම පහසුය. පියතුමා මූලික ගාතා පාඨ ආදිය ගයා අනතුරුව බණ දෙසීම ආරම්භ කළේය.

පින්වතුනි අද මේ ධර්ම දේශනය පවත්වන්න නියම වෙලා තියෙන්නේ මට. මමත් බණ දහම් ගැන බොහොම ටිකක් දන්නවා. මම මේ පින්වතුනට ඒ ටික පැහැදිලි කරලා දෙන්නම්.

------ 55 ------


2 comments:

``` Outsider``` said...

මේක නම් ඉතාම හොද පොතක්. මේක සත්‍ය කතාවක්නම් මයිකල් පියතුමා කොතරම් උදාර මනුෂ්‍යත්වයක සාධු සලකුණක්ද?
මෙවැනි උසස් කෘතියක් පෙල ගැස්වීමට උත්සුක වන ඔබට ගොඩාක් පින්.

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

@ දියරකුස්,

මේක නම් ඇත්ත කතාවක් මචං. දිගටම කියවන්නකෝ.