වැසිකිලි යන්නත් සමාජ ක්‍රමය වෙනස් වෙනකම් බලා හිටියොත් ඒ මිනිස්සුන්ට ඒ දක්වාම වැසිකිලියකටවත් යන්න වෙන්නේ නෑනේ......

. Thursday, November 5, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව



සෙඩෙක් ආයතනයෙහි එවකට ප්‍රවෘත්ති හා සමීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ ආනන්ද ලාල් ලියනගේ සමඟ දිනක් බුත්තල ප්‍රදේශයේ තරුණයන්ගේ අදහස් උදහස් පිළිබඳව පවසමින් සිටි පියතුමාගේ මුහුණෙහි මදහසක් නැගෙන්නට විය.
  
"බලන්නකෝ ආනන්ද මේ ලමයින්ගෙන් මට හරි කරදරේනේ" දඟකාර දරුවන්ගේ කටයුතු ගැන සෙනහස මුසු කරදරකාරී බවකින් අදහස් දක්වන පිය කෙනෙකු මෙන් මයිකල් පියතුමා ආනන්ද ලාල් මහතා සමඟ කතාවට මුල පිරුවේය.

"ඇයි ෆාදර් එහෙම කිව්වේ?"

"මං මේ උත්සහ කරනවා අර දුප්පත් මිනිස්සුන්ගේ වහලවල් ටික හෙවිලි කරලා ඒ මිනිස්සුන්ට යන්න වැසිකිළි ටික කොහොම හරි හදවලා දෙන්න. ඒත් ඒ තරුණ ළමයි ඒකට විරුද්ධයි."

"ඇයි ෆාදර් ඒ ගොල්ලෝ විරුද්ධ වෙන්නේ? ෆාදර් කරන්න හදන්නේ ඒ මිනිස්සුන්ට සේවයක්නේ?"

" ඒත් ඉතින් දන්නේ නැද්ද තරුණ ළමයින්ගේ අදහස්? ඔය විදියේ සේවයකින් වැඩක් නැහැලු. ඒක පැලැස්තර යෙදීමක් විතරලු. මේ පවතින සමාජ ක්‍රමය මුලුමනින්ම වෙනස් කරන්න ඕනලු. ඉතින් ආනන්ද වැසිකිලි යන්න සමාජ ක්‍රමය වෙනස් වෙනකම් බලා හිටියොත් ඒ මිනිස්සුන්ට ඒ දක්වාම වැසිකිලියකටවත් යන්න වෙන්නේ නෑනේ" යි පැවසු මයිකල් පියතුමා උස් හඬින් සිනාසෙන්නට විය. ගිලන්ව සිටියද ඔහුගේ සිනහව පැහැදිළි විය.

ගමේ මිනිසුන් කොතෙක් පියතුමා පිළිබඳව පැහැදී සිටියද කිවහොත් මුළු ගමටම පියතුමා තමන්ගේ පවුලෙ කෙනෙකු බඳුවිය. දිනක් පාපැදියක් වේගයෙන් පදවාගෙන එක් තරුණයෙකු සුබසෙත් ගෙදරට පැමිණියේය.

පාපැදිය අසල ගසකට හේත්තු කළ හේ පියතුමා වෙතට ගියේ හති ලමිනි.
පියතුමා ඔහු වෙත කාරුණික සිනාවක් පෑවේය.

"සුවාමි අපේ අත්තට අමාරුයි. සුවාමිව එක්ක එන්නයි කිව්වා. මැරෙන්න ඉස්සෙල්ලා අත්තට තව එක සැරයක් සුවාමිගේ මූණ බලන්න ඕනැලු.

"යමු දැන්ම යමු" යි කී පියතුමා බයිසිකලයේ පිටුපස ලැගේජයෙහි වාඩි විය. තරුණයා වේගයෙන් බයිසිකලය පදින්නට විය.


------ 59 ------

0 comments: