මෙතෙක් කතාව
එය එක්තරා සීතල රාත්‍රියකි. දිවා කාලයේ ගිනියම් වී තිබූ පොළව එම රාත්‍රියේ බෙහෙවින් ශීතල වී පැවතිණි. පැදුරක් එලන ලද ලෑලි යහන මත මයිකල් පියතුමා සුවසේ නිදා සිටියේය. තද නින්දට වැටී ඔහුගේ මුහුණේ ඉරියව්වල පවා වූයේ බෙහෙවින් උපශාන්ත පෙනුමකි.
හදිසියේම සුබසෙත් ගෙදර ඉදිරිපස වාහනයක් නතර කරන හඬ ඇසිණි. ශබ්දය අනුව එය ට්‍රැක්ටරයක් බව හඳුනා ගත හැකි විය. සුවසේ නිදාසිටි පියතුමා මෙන්ම සෝමදාසද ට්‍රැක්ටරයේ හඬ ඇසී අවදි වූහ. එදින අවසන් හෝරාවද ඉකුත්ව ගොස් ඇති බව පියතුමාට අවබෝධ විය.
නතර වූ වාහනයෙන් බිමට බට කවුරුන් හෝ සුබසෙත් ගෙදර දොරට තට්ටු කරන හඬ ඇසිණි.
"සුවාමි සුවාමි හදිස්සියක්. ඉක්මනට දොර අරින්න." අමුත්තාගේ කට හඬ නොඉවසිලිමත් විය.
"මේ මහ දෙගොඩහරියේ කවුද?" සෝමදාස පියතුමා වෙත ලංවී කෙඳරීය.
"කවුරුහරි අපෙන් පිහිටක් අවශ්‍ය කෙනෙක් වෙන්න ඇතිනේ. දොර ඇරලා බලමු."
මයිකල් පියතුමාම පැමිණ දොර විවර කළේය.
"සුවාමි අනේ සුවාමි මගේ ගෑණිට හොඳටෝම අමාරුයි. ගෑණිට දරුවෙක් හම්බවෙන්න. අනේ සුවාමි සිස්ටර්ලට කතා කරන්න පුළුවන් වෙයිද? අනේ මගේ ගෑණී."
අමුත්තා හැඬුම්බරව කියාගෙන යද්දී මයිකල් පියතුමා වහා සුසිල් භවන දෙසට දිව ගියේය.
පියතුමාගේ හඬ හඳුනාගත් කන්‍යා සොයුරියන් වහා දොර විවර කරන ලදුව පියතුමා තමා පැමිණි කරුණ කෙටියෙන් ඔවුන්ට දන්වා සිටියේය. බෙනඩික්ටා කන්‍යා සොයුරිය පසුපසින් මිල්බර්ගා කන්‍යා සොයුරිය දිව ආවාය.
ට්රැක්ටරය තුල තරුණ කාන්තාවක් විලි රුදාවෙන් මහ හඬින් කෙඳිරි ගාන්නීය. වේදනාවත් ශීතලයත් නිසා ඇය බලවත් සේ වෙව්ලමින් හිඳියි.
"මයිගෝඩ්" බෙනඩික්ටා සොයුරිය නළලෙහි අත ගසා ගත්තාය.
මහ රෑ ගෙදර ඉදිරිපස වාහනයක් නතර කරන හඬ ඇසිණි.....
------ 61 ------
0 comments:
Post a Comment