මෙතෙක් කතාව
" ඒත් මේ සීතලේ අම්මවයි දරුවවයි ආපසු යවන එක හරිම අවදානම්" බෙනඩික්ටා කන්යා සොයුරිය කල්පනාකාරීව කීවාය.
"මොන විදියෙන් හරි එහෙමනම් මේ දෙන්නව උණුසුම්ව තියන්න වෙයි ගෙදරට යනකල්" මිල්බර්ගා කන්යා සොයුරියද පිළිතුරු දුන්නාය.
කිසිදු කතා බහකින් තොරව මයිකල් පියතුමා ගෙතුළට වැදෙනු පෙනිණි. ඊලඟ නිමේෂයේදි පියතුමා මොනවාදෝ ඔසවාගෙන එතැනට පැමිණියේය.
" මේ ටික ට්රැක්ටරයේ ඇතුලේ එළන්න. එතකොට හොඳට උණුසුම තියේවි ගෙදරට යනකල්." යනුවෙන් පවසමින් පියතුමා තමා අතවූ ගුලියට ඔතන ලද රෙදි පොදිය අසරණ තරුණ සැමියා අත තැබීය.
"ස්වාමි මේ...." එම පුද්ගලයාට වචන ගලපා ගැනීම අසීරු බවක් දැනිණි. කන්යා සොයුරියෝ පුදුමයෙන් මෙන් බලා සිටියහ. සැබැවින්ම මයිකල් පියතුමා එම අසරණ මිනිසා අත තබා තිබුණේ තමා සන්තක අනෙක් සරම හා කමිස කිහිපයයි.
" ඇයි මේ පුදුමයෙන් වගේ?" මයිකල් පියතුමා සිනාමුසු මුහුණින් එහෙත් කාරුණිකව ඇසීය.
" අනේ සුවාමි....."
"මට මේ ඇඳුමක් තියෙන්නේ මේ හොඳටම ඇති." පියතුමා තමා ඇඟලා සිටි සරම හා කමිසය දක්වමින් කීය.
"ඔය ටික දාන්න අම්මවයි දරුවවයි උණුසුම් වෙන්න. මට එක ඇඳුමක් තිබුණම ඇති. ඇඳුම නෙවෙයි වටින්නේ අර අම්මගෙයි දරුවගෙයි ජීවිත දෙක."
සැබවින්ම දරුවා සහ මව ශීතලයෙන් වෙව්ලයි. ඒ අතර දරුවා මහ හඩින් හඬයි. වහ වහා ට්රැක්ටරය තුල මයිකල් පියතුමාගේ සරමක් එළා ඉතිරි ඇඳුම්වලින් මවගේත් දරුවාගේත් සිරුරු වෙලන ලදී. ඔවුහු මයිකල් පියතුමාටත්, කන්යා සොයුරියන්ටත් පින් දෙමින් ආපසු පිටත්ව ගියහ.
පසුදින සවස් යාමය වන විට කවුදෝ මිනිසෙකු සුබසෙත් ගෙදර ඉදිරිපස අවිහිංසක බයාදු සිනාවක් පාමින් සිටගෙන සිටිනු පෙනිණි.
ඇඳුම නෙවෙයි වටින්නේ අර අම්මගෙයි දරුවගෙයි ජීවිත දෙක......
------ 63 ------
0 comments:
Post a Comment