මයිකල් පියතුමා සුපුරුදු කාරුණික සිනාවෙන් ඔහු වෙත පැමිණියේය.
"සුවාමි ඊයේ රෑ මම ආවෙ, සුවාමිට අඳුනන්න පුළුවන්නේ මාව?"
"ඇයි මට අඳුනන්නට බැරි? දැන් කොහොමද පවුලටයි දරුවටයි?" පියතුමා ඇසුවේය.
"සුවාමි බෝධිසත්වයෙක් වාගේ අපට පිහිට වුණා. මගේ ගෑණියි දරුවයි සනීපයෙන් ඉන්නවා. ඔබ තුමාටයි සිස්ටර්ලටයි පින් සිද්ධ වෙන්ව. සුවාමි මං මේ ඊයේ රෑ අරන් ගිය සුවාමිගේ අර ඇඳුම් ටික ගෙනාව. මමමයි හොඳට හෝදලා වේලුවෙ සුවාමි." තමා අත වූ පාර්සලය අතිශය ගෞරව සම්ප්රයුක්තව පියතුමා අත තැබූ ඒ පුදගලයා බෞද්ධයෙක් ලෙස තමන්ට හුරු පුරුදු ආකාරයට මයිකල් පියතුමාට දොහොත් මුදුන් තබා වැන්දේය.
------ 64 ------
ඊලඟ පිටුවට
1 comments:
අම්මපා මෙහෙම මිනිසුන්ට නොවෑන්දොත් වදින්නෙ කාටද?
Post a Comment