මෙතෙක් කතාව
නිතර නිතර සුබසෙත් ගෙදරට තරුණයින් යාම ඒම පිළිබඳව පොලිසිය සහ හමුදාව තුළ ඇති වූයේ සැකයකි. ඒ අනුව දිනෙක සන්නද්ධ හමුදාවෙන් පැමිණ සුබසෙත් ගෙදර වටලෑහ. පියතුමා වහාම හමුදා නිලධාරීන් ඉදිරියට ගියේය.
"ෆාදර් මොනවාද මෙහෙ කරන්නේ?" හමුදා නිලධාරීයා ප්‍රශ්න කළේය.
" මම ජේසු ස්වාමිදරුවන්ගේ අනුගාමිකයෙක්. මේ දුප්පතුන් එක්ක ජීවත් වෙන්න තීරණය කරලයි මම මෙහෙට ඇවිත් පදිංචි වුණේ. ඒ නිසා මම මේ දුප්පත් මිනිස්සු එක්ක සම්බන්ධකම් පවත්වනවා." මයිකල් පියතුමා නිසොල්මනේ එක දිගට කියාගෙන ගියේය.
"ඒ කොහොම වුනත් ෆාදර් ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කරන බවට අපට චෝදනා ලැබී තිබෙනවා." හමුදා නිලධාරීයා පියතුමාගේ මුහුණ දෙස සෘජුව බලා කීය.
"මේක දෙවියන්ගේ නිවස්නයක් මහත්තයෝ. දෙවියන්ගේ නිවහනකට එන කිසිම කෙනෙක් පිටමං කරන්න මට කිසිම බලයක්වත් අයිතියක්වත් නැහැ." පියතුමා කීහ."
"ෆාදර් බොරු කියන්න එපා. කරුණාකරලා අපට ඔය එක්කෙනෙකුගේ හරි නමක් දෙන්න ඕනෑ." ඔහු පැවසුවේ ආඥාවක ස්වරූපයෙනි.
" ඔය කියන පක්ෂයත් තහනම් කරලා නේද තියෙන්නේ? ඉතින් කොහොමද දන්නේ ඒකේ ඉන්නේ කවුද කියලා.?" පියතුමා සෘජුවම ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලා ඇසුවේය.
"එහෙනම් ගමේ කොල්ලන්ට මෙතෙන්ට එන්න දෙන්න එපා. ඔන්න තමුනුත් අමාරුවේ වැටෙයි." පියතුමාගේ වචනයෙන් මෙල්ල වූ හමුදා නිලධාරියා කීය.
"මට ඒක කරන්න බෑ. මං කලින් මුන්නැහේලට පැහැදිළි කරලම කිව්වා මේක මගේ ගෙයක් නෙමේ. මේක දෙවියන් වහන්සේගේ ස්ථානයක්. දෙවියන් වහන්සේගේ තැනට එන්න ඕනෑම කෙනෙකුට අයිතිය තියෙනවා. ඒකට පක්ෂ භේදයක්, ජාති භේදයක්, දුප්පත් පොහොසත් භේදයක් නෑ"
"හරි ඒකත් එහෙමද?"
" හමුදා පිරිස පියතුමා දෙස රෞද්‍ර බැල්මක් හෙලා යන්නට ගියහ.
ඊලඟ පිටුවට
0 comments:
Post a Comment