බෙදාගෙන කන්න මිනිස්සු පුරුදු වෙනව නම් ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනේ......

. Friday, November 27, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව

......"සිස්‍ටර් මගේ මාර්ගයෙනයින් වෙන්න. මට බාධා කරන්න එපා. මට ඉස්සරහට යන්න දෙන්න." අධිෂ්ඨානනපූර්වක ලෙස සෘජු හඬින් මයිකල් පියතුමා පවසද්දී කන්‍යා සොයුරිය නිහඬ වූවාය. එදින සවස හතරට පමණ පියතුමා සුසිල් සෙවනට පැමිණියේ පේස්ට්‍රි කිහිපයක්ද රැගෙනය. එය ඒ හතර දෙනාට බෙදාගෙන කන ලෙස පවසා යළි ඔවුන් එකිනෙකාගෙන් කුඩා කැබැල්ල බැගින් පියතුමා ඉල්ලා සිටියේය.

"ම්ං මේ විදියට ඉල්ලන්නෙ බඩිගිනි හැදිලවත් පේස්ට්‍රීස් කන්න අමුතු ආසාවක් දැනිලවත් නෙමේ. බෙදාගෙන කන්න මිනිස්සු පුරුදු වෙනව නම් ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනේ. මං නැති කාලෙක හරි ඔයාලට මේවා ප්‍රයෝජනවත් වේවි. තමන් ගැන විතරක් හිතන්න එපා කොයි වෙලාවකවත්. තමන් ගැන හිතනවා වගේම අනුන් ගැනත් හිතන්න. තමන්ට නැතුව හරි අනුන්ට බෙදලා දෙන්න පුරුදු වෙන්න. ඒ වගේ දේකින් හිතට ලැබෙන සැනසීම හරි විශාලයි.

මයිකල් පියතුමා තම සිසුවියන් දෙදෙනාට සහ කන්‍යා සොයුරියන් වෙත පැවසුවේ අපමණ කරුණාව පෙරදැරි කර ගත් ගුරුවරයෙකු විලසිනි.
 

 ------ 97 ------

ඊලඟ පිටුවට

2 comments:

charithsriyan said...

මම මෙහි තැබූ comment එක ඔබ දමන්නේ නැත්තේ ඔබ වංචාවක් කරන නිසා නේද?අනුන්ගේ පොතක ඇති දෙයක් මෙලෙස අවසරයකින් තොරව පල කිරීම නීති විරෝධී බව ඔබ නොදන්නේද?

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

මුල් කමෙන්ට් එක දැමීමි. පිළිතුරුද එතැනම ඇත. කරුණු නොදැන චෝදනා කිරීමෙන් වලකින්න. මම පෝස්ට් එකවර දවස් දෙකකට පමණ යතුරු ලියන කර නියමිත වෙලාවට publish වීම සඳහා වෙලාව සකසා ඇත. ඔබ මුලින් දැමූ කමෙන්ටයට පිළිතුරු දීමට පෙර අද පෝස්ට් එක පළ වූයේ එබැවිනි. එසේ නොමැතිව එය වාරණය කොට අද පෝස්ට් එක නොලීවෙමි. මා කමෙන්ට් වාරණය නොකරමි. නමුත් මුල් කාලයෙ ඇති තරමට කුණුහරුප කමෙන්ට් වැටීමට පටන් ගත් පසු කමෙන්ට් එකවරම පළනොවීමට සකස් කළෙමි.