මෙතෙක් කතාව
"නොදන්නා කමයි පුහුදුන් ගතියයි නිසා නොයෙක් විදියේ නපුරු කම් කළා වුණත් ඒ මනුස්සයාත් මගේම සහෝදරයෙක්. අනේ දෙවියනි ඔහුව බේරා දෙන්න. ඔහුට අනතුරක් වෙන්නට ඉඩ තියන්න් එපා." එසේ කියමින් පියතුමා බොහෝ වෙලාවක් යාච්ඥා කළේය.
6 වෙනිදා රාත්‍රී 11 ට පමණ වී තිබිණි. එහෙත් පියතුමා ඒ වන විටත් නිදි වර්ජිතව තම පොත්පත්වල කාර්යයන් කිහිපයක නිරත්ව සිටියේය. එක්වරම සුබසෙත් ගෙදර ඉදිරිපිට වාහනයක් නතර කරන හඬ ඇසිණි. ඒ හඬ ඇසුනු සැනින්ම මයිකල් පියතුමා ඉදිරිපස දොර විවර කළේය. වාහනය නතර කල සැනින්ම ඉන් බැස දුව ආවේ අවි අත දරාගත් හමුදා පිරිසකි. ඔවුහු ක්ෂණයකින් සුබසෙත් ගෙදර වැටලූහ. ඒ සමගම වාහනයේ හඬ ඇසී සුබසෙත් ගෙදරට නුදුරින් සුසිල් සෙවනේ පදිංචිව සිටි කන්‍යා සොයුරියන් දෙදෙනා සහ තවත් තරුණියන් දෙදෙනෙක්ද දිව ඇවිත් මයිකල් පියතුමා සමීපයට පැමිණ නතර වූහ. ඔවුන්ගේ මුහුණින් බියක් කුතුහලයක් එකසේ පලව තිබිණි. එහෙත් කිසිදු වෙනසක් නැතිව ප්‍රශ්ණාර්ථයක් පමණක් මුහුණට නගා ගෙන දොරකඩ සිටගෙන හිඳින පියතුමාව දුටු පසු ඔවුන්ගේ කුතුහලය තව තවත් සීඝ්‍ර ලෙස තීව්රර ව්න්නට විය.
ඒ හමුදාව විසින් සුබසෙත් ගෙදර වැටලූ දෙවන වතාවය. "කවුද මේ ගෙදර ඉන්නේ? අපි මේ ගේ පරීක්ෂා කරන්න ඕනෙ. කෝ මේ ගෙදර ඉන්න ෆාදර්?" එක හමුදා නිලධාරියෙකු වේගයෙන් ප්‍රශ්න කර සිටියේය.
"මම තමයි මේ ගෙදර ඉන්න ෆාදර් මයිකල් රුද්‍රිගු. මේ ගෙදර වෙන මගේ තනියට එක ළමයෙක් ඉන්නවා. ඒ ඇරුණාම වෙන කිසි කෙනෙක් නෑ. මහත්තයලා ගිහින් පරීක්ෂාකරලා බලන්න ගේ ඇතුල" පියතුමා සාමාන්‍ය ලෙසින් පැවසීය.
" අද හවස සිද්ධ වුණු අර වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා මේ ගේ ඇතුලේ ඉන්නවා කියලා අපිට ඔත්තුවක් ලැබිලා තියෙනවා. ඒකයි අපි මේ ආවේ."
එසේ පැවසූ ඒ එක් හමුදා නිලධාරියෙකුගේ විධානයකට අනුව ගේ ඇතුල හැම තැනමත්, පියතුමාගේ පොත් පත්, ලිපි ලේඛන ලියුම් කවර ආදියත් යන මේ සියලු දෙයම කිහිප දෙනෙකු විසින්ම පරීක්ෂා කරනු ලැබිණි.
ඊලඟ පිටුවට
0 comments:
Post a Comment