තුවාලය සුවපත් වන්නටනම් ඊට නිසි ඖෂධ ලැබිය යුතු වේ......

. Wednesday, November 11, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


අධික පීඩනය හමුවේ තාවකාලික ලෙසින් යම් යම් ආකාරවලට සමාජ සෙවයේ යෙදෙන්නන් අප අතර බහුලය. එහෙත් කවදාවත් එයින් නිසි විසඳුමක් ලබා ගත හැකි නොවේ. එය හරියටම නිවැරදිව කිවහොත් හොඳින් පිරිසිඳු නොකරන ලද තුවාලයක් මතට අලවන පැලැස්තරයක් බඳුය. තුවාලය සුවපත් වන්නටනම් ඊට නිසි ඖෂධ ලැබිය යුතු වේ. ධනපතියන් හා ඔවුන්ගේ අනුකම්පාව ලැබිය යුතු දිළින්දන් පිරිසක් සමාජයේ පැවතීම සාමානාත්මතාවය නොවේ. එහෙත් ධනවතුන් සිතන්නේ එසේය.

මේ පිළිබඳව වරක් කිහිප දෙනෙක් හා පුළුල් ලෙසම මයිකල් පියතුමා කතා බහක යෙදුණි.

"බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා 'තණ්හාය ජායතී සෝකෝ කියලා.' තණ්හාව නිසා දුක උපදිනවා. ධනය වැඩිවෙනකොට නොයෙකුත් විදිහෙ පහත් ආශාවන්ට මිනිස්සු නැඹුරු වෙනවා වැඩි බව අප්ට දකින්න ලැබෙනෙවා. චක්තවත්ති සිහනාද සූත්‍රයෙන් බුදු හාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනව මුළු සමාජයටම ආර්ථික යහපත අවශ්‍යයි කියලා. කූට දත්ත සූත්‍රයෙන් පැහැදිලි  කරලා තියෙනව ආර්ථිකය දියුණු නොවේ නම් මිනිසා අසහනයටත් කැලඹීමටත් පත්වෙනවා කියලා. ගමට, රටට විශේෂයෙන් දිළින්දන්ට තීරණ බලය දිය යුතුයි කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදු හාමුදුරුවෝ දේශනා කළා. ඒත් දැන් උන්වහන්සේගේ දර්ශනය විනාශ කරලා. මිනිස්සු මුදල් වල වහලුන් වෙලා."

මයිකල් පියතුමා බුත්තල මිනිස්සුන්ට කීය. එතුමා මිනිසුන්ට වඩාත් සමීප වන්නට  වන්නට මිනිසුන්ද පියතුමා වෙත ඒ හා සමානව සමීප වන්නට විය. ඒ ප්‍රදේශයේ වැඩි කොටාක් වූ දිළින්දන්ගේ දුක අහන්නට, ඒ දුකට හැකි ඉහලම ආකාරයෙන් පිහිටක් වන්නට සේම පිහිටක් ලබා දිය හැකිදැයි  සොයා බලන්නට යන මේ හැම දේකටම ඔවුන්ට සිටියේ මයිකල් පියතුමාය. බුත්තල ප්‍රදේශයේ විසූ ජනතාවට මෙම පියතුමා පූජකවරයෙක් නොව සැබෑම පියාණන් කෙනෙක් බඳු විය. වෙන මුකුත් නැතැත් නිකන් කතා බහ කර යන්නට හෝ මේ අහිංසක මිනිස්සු මයිකල් පියතුමා සොයා සුබසෙත් ගෙදර පැමිණියහ.

------ 70 ------

ඊලඟ පිටුවට

2 comments:

christhudewa said...

ඒ ඒ කාලෙනෙ මේ කාලෙ ඉන්නෙ මිනිස්සු මරන පාදිලියො. රට ‍පාවාදෙන බුදු දහම විනාශ කරන පාදිලියො. මේව‍ගේ

මෙහෙමයි මේ හොර පාදිලියො සල්ලි හම්බ කරන්නෙ මේ රට ක්‍රිස්තියානි කරන්න බොරුනම් බලපිය
http://www.lankadeepa.lk/2009/11/11/front_news/06.html

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

@ christhudewa

" බොරුනම් බලපිය " නිකම් තර්ජනයක් වගේ :)

අනේ මම ඕක බැලුවා. මොරටුවේ ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය කියන්නෙ මොකක්ද කියන එක මුලින් ම හොයා බලාගන්න. ඊට පස්සේ බලන්න ඔතන කොතනද පියතුමෙක් ගේ සම්බන්ධයක් ගැන ලියලා තියෙන්නේ කියලා.

වැරදි කොනින් අල්ල ගන්න එපා. ධර්මය ප්‍රචාරය කරන්නන් ඇතුළුව පොදුවේ මනුෂ්‍යා කරන වැරදි වලට කිසිම ආගමක් පළි නැහැනේ.

දැන් ඔයා ගැන බලන්න. කමෙන්ට් එකක් හරියට සංවරව දාන්න දන්නේ නෑ කියලා මම බුද්ධාගමට බැනලා හරි සිල්වත් හාමුදුරුවන්ට හරි බැනලා හරි යයිද?