මේ සියල්ල අපහසු පෙනීගියේ මේ සඳහා වැයකළ යුතු මුදල විශාල වූ හෙයිනි.

. Wednesday, November 4, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


තමා මියයන්නට පෙරාතුව බුත්තල ප්‍රදේශයේ දිළිඳු වැසියන්ගේ වහලවල් වලට උළු සෙවිලි කර දෙන්නට, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වැසිකිළි තනාදෙන්නට පියතුමාට වැඩි වුවමනාවක් තිබිණි. මේ සඳහා වෙනත් විදේශ සංවිධානවලින් ආධාර උපකාර ගැනීමකින් තොරව ගමේ ජනතාව සහය කරගෙන ඔවුන්ගේ ස්වශක්තියෙන් නගා සිටුවීම තුළින් මේ සියල්ල අපහසු පෙනීගියේ මේ සඳහා වැයකළ යුතු මුදල විශාල වූ හෙයිනි. ගමේ විසුවෝද දිළින්දන්ය. පියතුමාට මුදල් ලැබෙන ක්‍රමයක් නැත. එබැවින් අවසානයේ අත්‍යවශ්‍යම දේවල් සඳහා නොරාඩ් ආයතනයේ සහාය ලබා ගන්නට මයිකල් පියතුමා තීරණය කළේය.

මේ කාලය වන විට දකුණේ තරුණ කැල පීඩනය මතින් මඳින් මඳ නැගී සිටින තත්වයක් පළ කළහ. ඔවුන්ගේ ඒ ආවේගයන් පියතුමා හොඳින් හඳුනාගෙන තිබිණි. නිතර සුබසෙත් ගෙදරට පැමිණ ගිය ඔවුන් පියතුමා සමඟ රටේ තත්වය ගැන, දකුණේ අසහනය ගැන කතා කළේ මහත් උනන්දුවකින් යුතුවය. ඒ වන විට පනස්වන දශකයේ අගභාගය ගෙවමින් සිටි මයිකල් පියතුමා තමාගේම දරුවන්ට මෙන් ඔවුන්ට කන් දුන්නේය. අවවාද අනුශාසනා කළේය.

මයිකල් පියතුමා ගමේ මිනිසුන්ගේ ගෙවල උළු සෙවිලි කරදීම, අවශ්‍ය් සෞඛ්‍ය පහසුකම් ලබා දීම වැනි දෑ පිළිබඳව ප්‍රදේශයේ තරුණ පිරිස තුල අපැහැදීමක් නොවුණත් මෙවැනි පිළියම් යෙදීම ඔවුන් අනුමත කළේ නැත. මෙය පවතින සමාජ තත්වයේ සිදුරු වූ තැන් වලට පැලැස්තර ඇලවීමක් මිස වඩාත් සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගන්නට ඔවුන් අකමැති විණි.

තරුණයන්ගේ අදහස එය වුවද ගමේ මිනිසුන්ට මේ සේවය ලබාදිය යුතුමය. නොරාඩ් ආයතනයෙන් මේ සඳහා අවශ්‍ය මුදල ලබා ගැනීම පිණිස මයිකල් පියතුමා කොළඹට පැමිණිය යුතු දිනය වනවිට උණෙන් සහ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පියතුමා ප්‍රබල ලෙසම ගිලන්ව සිටියේය. මෙසේ ඉඳහිට කොළඹ පැමිණෙන විටෙක පියතුමා ජාතික කතෝලික සභාව මගින් පාලනය කරණු ලබන බොරැල්ලේ  "සෙඩෙක්" ආයතනය වැනි ආයතනවලට පැමිණ යන්නටද අමතක කළේ නැත.

------ 58 ------

0 comments: