තමන්ගේ ඉඩම් වලම කුලීකරුවෝ වීම......

. Wednesday, November 4, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


පැලවත්ත සීනි කම්හලට අයත් උක් ගොවීන්, කම්කරුවන්ට තිබූ ගැටලු බොහෝය. ඔවූහූ තමන්ගේම ඉඩම්වල කුලී කරුවෝය. සීනි සමාගම විසින් පවරාගෙන තිබූ ඔවුන්ගේ ඉඩම් වල වැවිය යුත්තේ සමාගම විසින් ලබාදෙන උක්ය. උක් බීජ හා ඒවාට යෙදිය යුතු පොහොරද, සමාගම විසින් ගොවීන්ට ලබාදෙන්නේ ණයටය. සමාගම විසින් බලහත්කාරයෙන් පවරාගෙන තිබූ ඉඩම් වෙනුවෙන් ගොවීන්ට ගෙවීමක් කරණු ලැබේ. එහෙත් උක් බීජ හා පොහොර ලබා දීම වෙනුවෙන් එම ණය සමාගම විසින් හිලව් කර ගන්නේ ගොවීන්ගේ ඉඩම් සඳහා ලබා දෙන මුදලිනි. අවසානයේ බැලු කල ගොවීන්ගේ ඉඩම් වලට ලැබිය යුතු කුලිය, ශ්‍රමය සඳහා ගෙවිය යුතු මුදල යන මේ සියල්ලටම වඩා උක් බීජ හා පොහොර සඳහා වන ණය මුදල වැඩිය. තමා ඒ තාක් නිදහසේ බෝග වගා කරගෙන උන් ඉඩකඩම් පවරා ගත්තා මදිවට වැය කරන ශ්‍රමය වෙනුවෙන්වත් නිසි මුදලක් ඔවුන්ට නොලැබිණි.

මෙ නිසා බුත්තල ප්‍රදේශයේ ගැමියන් තවදුරටත් දරිද්‍රතාවයේ පතුලටම ඇද වැටුනා විනා කිසිදු පිළිසරණක් රජයෙන් හෝ ඔවුන්ට ලැබුනේ නැත. මේ සියලු දුක් ගැනවිලි කියන්නට ඔවුන් පැමිණියේ මයිකල් පියතුමා වෙතටය. ඔවුන්ගේ ගැටලු පිළිබඳව කතා කරන්නට මයිකල් පියතුමා බොහෝ විට තනිවම බලධාරීන් හමුවන්නට ගියේය. කම්කරු ඇමතිවරයාට, එවකට මෙරට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට පවා මයිකල් පියතුමා මේ සම්බන්ධ ලිපි යොමු කළේය.

මෙම අසරණ මිනිසුන්ගේ ඉඩම් පමණක් නොව, ශ්‍රම මංකොල්ලය පිළිබඳව පියතුමා ප්‍රසිද්ධියේම කතාකරන්නට පසුබට වූයේ නැත. එය කෙතරම් ප්‍රබල වූයේද කිවහොත් ප්‍රදේශයේ ධනවතුන්ගෙන් සේම බලවතුන්ගෙන්, දේශපාලකයින්ගෙන් සහ සමාගම් නිලධාරීන්ගෙන් තර්ජන ගර්ජන පවා එල්ල වන තරමට දුර දිග ගොස් තිබිණි.

මෙරට ආණ්ඩු කළ කුමන රජයකින් හෝ පැලැස්තර ඇලවීමක් හැරුණු විට රටේ දකුණු ප්‍රදේශයට ප්‍රමාණවත් අන්දමේ සේවාවක් කිසිදා ඉටුවී නොතිබිණි. රට මැද නොව උතුරු හා දකුණු ප්‍රදේශවල ජනතාව හැමදාමත් පීඩනයට පත්වූහ. නිරතුරු කැරලි ගැසුවෝ ඔවුහුය. බැට කෑවෝද ඔවුහුය.

------ 57 ------

0 comments: