පාකිස්තානයේ පුහුණුව ලැබූ හමුදාවේ අය හරිම භයානකයි......

. Thursday, November 26, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


      "ඉක්මනට ඉගෙන ගන්න ළමයිනේ. තව වැඩි කාලයක් නෑ කොයිදේටවත්. කොයි මොහොතේ දෙවියන් වහන්සේ ටොක්කක් ඇනලා එන්න කියයිද දන්නෙ නෑ." විහිළුවක ස්වරූපයෙන් මුත් පියතුමා පළ කළේ ගැඹුරි හඬකි. සැබවින්ම මයිකල් පියතුමාගේ මුහුණෙන් පළවූයේද ගැඹුරු පෙනුමකි.

      පාඩම කරන අතරේ වුවද ඉන් ටික වෙලාවකට පෙර තමා සාකච්ඡා කරමින් සිටි පාකිස්තානයේ පුහුණුව ලද බව කී හමුදා කර්නල්වරයා පියතුමාගේ මතකයට නැගිනි.

      "ඔය පාකිස්තානයේ පුහුණු වුණු අය හරි දරුණුයි. කොහොමටවත් විශ්වාස කරන්න බෑ. දවල්ට බොහොම මිතුරු විදියට පෙනී ඉඳලා රෑට ඇවිත් මරලා දාලා යනව මිනිස්සුන්ව. ඒ විදියට මරලා දාල නිකන් ඉන්නෙත් නෑ. උදේට ආයෙත් ඒ මළගෙදරට ඇවිත් අනිත් අයත් එක්ක එකතු වෙලා මරණය ගැන දුක් වෙනවා. එතකොට මිනිස්සු ඒ අය ගැන කොහොමටවත් සැක හිතන්නෙ නෑනේ. සතුරු කඳවුරු වල ඔය අය මිතුරු වෙසින් ඉන්නවා. ඊට පස්සෙ රෑට ගිහින් ඒ සේරගෙම බෙලි කපනවා. අන්තිමේ උදේට ඒ හමුදාව රැස් කරන්න නලාව පිඹින කොටයි දන්නෙ සේරම මැරිලා. අන්න ඒ වගේ හරිම භයානක පිරිසක් ඔය."

      පියතුමා එසේ විස්තර කරද්දි තරුණියෝ භ්‍රාන්ත වී බලා උන්හ. ඔවුන්ගේ සමේ රෝම කූප පවා භීතිය නිසාම කෙලින් වී සමේ හිරි ගඩු නැංවී තිබිණි. තරුණියන් දෙදෙන අසලින් හුන් කන්‍යා සොයුරියන් දෙදෙනාද විස්මයෙන් ඇලලී බලා සිටියහ.

      "අනේ ෆාදර් අපිටනම් හරිම බයයි" ඔවුහු වෙව්ලන හඬින් පැවසූහ.

      "ම්ං අද එයාට මේ ගම ගැන හොඳට පහදලා දුන්නනේ. ආයෙත් නම් ඉතින් මට විරුද්ධව දාලා තියෙන ඔය බොරු පෙත්සම් පස්සේ එන එකක් නෑ. මම කුරුසිය අතේ තියාගෙනමයි කතා කළේ. මට කතා කරන්න කුරුසියේ හයිය හොඳටම ලැබුනා." පියතුමා පැවසුවේ තෘප්තිමත් ස්වරයකිනි.

      "ඒ කොහොම වුනත් ෆාදර් පරිස්සම් වෙන එක හොඳයි. මිනිස්සුන්ට තව දුරටත් ෆාදර්ගෙ සේවය අවශ්‍යයි. ඒ හින්දා ප්‍රවේශම් වෙන්න" කන්‍යා සොයුරියක් මයිකල් පියතුමා වෙත කරුණාවන්ත හඬින් කියා සිටියාය.


------ 96 ------


 

4 comments:

Charith Weerakkody said...

ඔබ මේ පොතෙහි තිබෙන දෑ මෙසේ බ්ලොග් එකෙහි උපුටා දැක්වූයේ කතෘවරියගෙන් හෝ දෙවන වර පොත ප්‍රකාශයට පත් කල ශාන්තිනී රොඩ්‍රිගූ මහත්මියගේ අවසරයකින් තොරව නේද?මේ ගැන ඔවුන්ගෙන් තොරතුරු විමසූ විටයි ඔවුන් දැන ගත්තෙත් ඔබ මෙසේ ඔවුන්ගේ අවසරයකින් තොරව පොතෙන් උපුටා අන්තර්ජාලයෙහි පලකරන බව.මෙසේ උපුටා දැක්වීම නීති විරෝධී බව ඔබ නො දන්නේද?ඔබ කල මෙම ක්‍රියාව නිසා ඉන්දු පෙරේරා මහත්මිය කොතරම් කණගාටුවට පත් වී සිටින බව සිටින බව ඔබ දන්නවාද?ඔබට මෙම පොතෙන් උපුටා දැක්වීම ඉතාමත් ලෙහෙසි දෙයක් නමුත් පොත ලිවීමට තොරතුරු ලබා ගැනීම, පොතක් ප්‍රකාශයට පත් කිරීම කොතරම් අපහසු දෙයක් බව ඔබට නොවැටහෙන්නේද?

අවසාන වශයෙන් කිව යුත්තේ හැකි නම් ඉන්දු පෙරේරා මහත්මියට කතා කර ඔබ අතින් සිදු වූ වරදට සමාව ගන්නා ලෙස ඉල්ලා සිටීම පමනි.ඔබට එසේ කල හැකි නම් ඉන්දු පෙරේරා මහත්මියගේ දුරකතන අංකය ඇගේ අවසරය මත ඔබට ලබා දීමට මට හැකිය.මට email එකක් එවීම මගින් ඔබට ඉන්දු පෙරේරා මහත්මියගේ දුරකතන අංකය ලබා ගත හැකිය.
(charithsriyan@gmail.com)

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

අවසරය නොගත් බව පිළිගනිමි. නමුත් ඔබ හට එක් දෙයක් කීමට කැමැත්තෙමි. මා මෙමඟින් එක් ශතයක් වත් උපයා නැත්තෙමි. මාගේ උත්සහය වූයේ ලංකාවේ ජීවත් වු එක් පියනමකගේ ජීවිත කතාව ඔබ හමුවෙ තැබීමය උත්සහ ගැනීම පමණි. පොතේ දෙවන මුද්‍රණය පවා කර අවුරුදු 2ක් ගතවී තිබියදීත්, රැජින පත්‍රයේ මෙය මීට කලින් පළවී තිබියදීත් මේ පොත සැඟවී තිබෙන්නෙ ඇයි. ඔබ පවා නොදැන සිටි නිසා මගෙන් මේ පොත පිළිබඳ විමසුවා නොවේද? එය මෙම පොතට වක්‍රාකාරයෙක් ලැබුනු ප්‍රසිද්ධියක් නොවේද?

මුල සිටම නොයෙකුත් අන්තවාදීන්ගෙන් කුණුහරුප කමෙන්ට් වලට පවා මා හට මුහුණ දිමට සිදුවුවත් මා නොකඩවා මෙය දිගටම ලිව්වේ දැන් ලංකාවේ සිටින කතෝලිකයන් හා කතෝලික ආගම මෙරටට ගෙනා පෘතුග්‍රීසි ජාතිකයින් යනු වර්ග දෙකක් බව ඔවුන්ට අවබෝධ කරදෙනු පිණිසය. ඔවුන්ට කොපමන පොත සොයා කියවන්න කීවත් පලක් නැත.

අනික් අතට මෙම කතෘවරුන්ගේ අදහස මෙම පියතුමාගේ ජීවිත කතාව විකුණා මුදල් සොයා ගැනීමනම් මම ඔවුන්ට අසාධාරණයක් කළ බව පිළිගනිමි. එසේ නොමැතිව ඔවුන්ට අවශ්‍ය වූයේ මෙම පියතුමා ගැන ලෝකයට කීමට නම් මම එයට රුකුලක් මිස බාල්දියක් පෙරලා නැත.

කෙසේ හෝ මම එක් දෙයකට දුක් වෙමි. එනම් මෙහි නියම කතෘ වරියව එලි කරම මෙය ලිවීමය. මට මෙහි සඳහන් භාෂා ශෛලිය මදක් වෙනස් කොට මීට වඩා පිටු අවම කර මගේ නිර්මාණයක් ලෙසම පළ කිරීමට හා සයිට් එකට ඇමසෙන් ඇඩ් ටිකක් දමා මුදල් ද හම්බ කිරීමට අවස්ථාව තිබුණි. මෙය රැජීන පුවත්පතින් ගෙන මෙහි පලකලානම් එතකොට මා නිවැරදිද?
ඔබ මේ සටහන ඇයට දැන ගැනීමට සලස්වන්න. ස්තූතියි.

Charith Weerakkody said...

පොත ගැන ඔබෙන් විමසූ බව සැබෑය.නමුත් පොත ලියූ තැනැත්තියගෙන් අවසර නොගැනීම වරදක් බව ඔබ පිලි නොගන්නේද?පොතට යම් කිසි ආකාරයක ප්‍රසිද්ධියක් ලැබුනු නමුත් ඔබ කරන්නේ වංචාවක් නොවේද?පසු කලෙක හෝ කතුවරියට පොත නැවත පල කිරීමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔබේ මේ නොමිලේ පල කිරීම නිසා ඇයට අසාධාරණයක් සිදු නොවන්නේද?

මේ සටහන ඇයට දැන ගැනීමට සලස්වන්නම්.

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

මා වංචාවක් කලා නම් එය කළ යුතු වන්නේ මෙය මගේ නම යටතේ මවිසින් ලියු දෙයක් ලෙස පළකිරීම නොවන්නේද? අනික මම මෙය පළකලේ මුද්‍රණයෙන් නිකුත් වී ටික කලෙකින් නොවන බව සිතට ගන්න. දෙවන මුද්‍රණයෙනුත් අවුරුදු 2ක් පසූවී ඇත. නමුත් තවමත් පොත ප්‍රධාන පොත්හල්වල සොයා ගැනීමට නැත. තිබෙන්නේ කතෝලික පොත්හල්වල පමණි. එපණදු වුවත් කතෝලිකයන් කීයෙන් කීදෙනාද මයිකල් රුද්‍රිගු පියතුමා ගැන දැනගෙන සිටින්නේ. එනයිනුත් කීයෙන් කීදෙනාද පොත ගැන දන්නේ?

ඔබ පවසන් අකාරයට පොතක් පුස්තකාලයක තිබීමත් වංචාවකි. ඔබගේ දැක්ම වෙනස් කරගන්න. පොත ගැනීමට අවශ්‍ය කෙනා කෙසේ හෝ පොත මිලදී ගනියි. මිලදී ගැනීමට අවශ්‍ය නැති කෙනා එය පුස්තකාලයෙන් හෝ පොතක් මිලදී ගත් තම යහළුවෙකුගෙන් හෝ අන්තර්ජාලයෙන් හෝ කුමන හෝ අයුරකින් එය කියවීමට උත්සහ ගනියි. පොත අවශ්‍යම කෙනා අනිවාර්ය යෙන්ම එය මිලදී ගනියි.

උදාහරණයක් ලෙස ඔබ, ඔබ මෙය කියවා මගෙන් පොත මිළදී ගැනීමට තැනක් ඇසුවා නේද? ඔබ සමහරවිට මෙය මිලදී ගෙන කතුවරියට කතා කළා විය හැක. කෙසේ හෝ ඔබ වැනි කීපදෙනෙක්ට හෝ මෙම මයිකල් රුද්‍රිගූ පියතුමා ගැන හඳුන්වා දීමට ලැබීම ගැන මම සතුටු වෙමි. මා තවමත් සිතන්නේ මෙම පොත ලිවීමේ අභිලාෂය වී ඇත්තේ කුමක්ද යනුයි. මයිකල් රුද්‍රිගු නම් චරිතය විකුණා මුදල් රැස් කිරීමද ඔහුට වූ අසාධාරණය ලොවට හඬ ගා කීමද?