ධනවතුන්ට සුරලොවකුත්, අන්ත දුකට පත්වූ දිළින්ඳන්ට නරකාදියකුත් මේ මහපොළව මතම මැවී ඇත......

. Thursday, November 5, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


මරණාසන්නව හුන් එම මහළු රෝගී පුද්ගලයා පරණ ඇඳ කබලක් මත උඩුකුරුව ඉතා අපහසුවෙන් වැතිර සිටියේය. මයිකල් පියතුමා දුටු ඔහුගේ මුහුණේ යාන්තමට සිනාවක් ඇඳිනි.

රටේ තත්වය දවසින් දවසම විෂම වූවා හැර මොනම ආකාරයක හෝ යහපතක් සාමාන්‍ය ජනතාවට සිදුවූයේ නැත. ඇති නැති පරතරය ඉතා ප්‍රබල අන්දමින් දවසින් දවසම වර්ධනය විය. ඇති මිනිසුන් අධික රුධිර පීඩනය සහ අධි පෝෂණය නිසා හටගත් නොයෙකුත් රෝගවලින් පෙලෙමින් විදේශ රටවල රෝහල්වලම මිය යද්දී මේ රටේම තවත් කොටසක් හරියාකාර කෑමක් බීමක් නොමැතිව අගුපිලක වැටී මිය යති. අද කාලයේ මිනිසුන් උත්සහ කරන්නේ කෙසේ හෝ මුදල් උපයා ගන්නටය. ඒ අනුව කෙසේ හෝ මුදල් උපයන ධනවතුන්ට සුරලොවකුත්, අන්ත දුකට පත්වූ දිළින්ඳන්ට නරකාදියකුත් මේ මහපොළව මතම මැවී ඇත. ධනය බෙදී යෑම බෙහෙවින්ම විෂම වී ඇතැයි කීවේ එබැවිනි. කම්කරුවන්ට අඩුම වැටුපක් ගෙවන රට ශ්‍රී ලංකාව බව වාර්තාගත සත්‍යයකි. එසේම ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගත හැකි බව මැද පෙරදිග ආදී රටවල් නොයෙකුත් ප්‍රචාරක මාධ්‍යන් ඔස්සේ පිළිගෙන ඇත. අපේ රටේ මේ පවතින අසාධාරණ කම් පිළිබඳව මයිකල් පියතුමා කතා කළේ මහත් වූ සංවේගයකිනි. " අපි අසාධාරණයක් නොකළත් අසාධාරණය හමුවේ නිහඬව සිටීම ඒකට තවත් අනුබලයක් දීමක් යැයි මයිකල් පියතුමා විශ්වාස කළේය.

" මට ඇඳුම් දෙකක් තියෙනවා කියන්නේ වෙන කෙනෙකුට අයිති විය යුතු දෙයක් මං හොරෙන් තියාගෙන ඉන්නවා කියන එක." එසේ කී පියතුමා හරි හැටි අඳින්නට ඇඳුමක් නැති කෙනෙකු දුටුවිට තමන් සතුව තිබූ ඇඳුමක් දුන්නේ මඳ පැකීලීමකින් හෝ තොරවය.

අළුකළවිට ගමට පමණක් නොව බුත්තල ප්‍රදේශයට පවා මයිකල් පියතුමා මහත් සවියක් වී තිබිණි. එසේම මේ වන විට ප්‍රදේශවාසීන්ට ස්වෝත්සාහයෙන් කිසියම් දියුණුවක්: විශේෂයෙන් දැනුම අවබෝධය තුළින් කිසියම් වර්ධනයක් ඇති කරවන්නට මයිකල් පියතුමා දැරූ උත්සහය සාර්ථක වී තිබිණි. මයිකල් පියතුමාට මෙ සඳහා විශාල සහයෝගයක් කන්‍යා සොයුරියන් දෙදෙනා වෙතින් හිමිවිය. කිසියම් කරදරයක් පමණක් නොව අසනීප තත්වයක් ඇතිවූ විට පවා ඔවූහු මුලින්ම පැමිණියේ සුබසෙත් ගෙදරට හෝ කන්‍යා සොයුරියන් විසූ සුසිල් භවනටය.

------ 60 ------


ඊලඟ පිටුවට

0 comments: