මෙතෙක් කතාව
මිල්බර්ගා සොයුරිය මෙන්ම සුසිල් භවනෙහි වෙසෙන තරුණියද බෙනඩික්ටා සොයුරිය දෙසත් ගැබ්බර කාන්තාව දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට වූයේ අන්දමන්ද වූ විලාශයෙනි.
බෙනඩික්ටා සොයුරිය විසින් අවශ්‍ය කරන දේවල් වහ වහා ට්රැක්ටරය අසලටම ගෙන්වා ගන්නා ලදී. කුමක් හෝ උදව්වක් අවශ්‍ය විටෙක කරදීමේ අපේක්ෂාවෙන් මයිකල් පියතුමා සුබසෙත් ගෙදරට වී සිටියේ එම ස්ථානයට යෑම නොසුදුසු යැයි හැඟුණු නිසාවෙනි.
එම ගැබිණි කාන්තාව රෝහලකට ගෙන යාමට තරම් කල් නැත. ඇය වේදනාවෙන් කෑ මොර දෙමින් දඟලයි. ඈ හොඳින් පරීක්ෂා කර බැලූ බෙනඩික්ටා කන්‍යා සොයුරියට ඒ වන විටත් ඇගේ කුස හොත් දරුවා මොළොව එළිය දැකීම සඳහා මව් කුසින් පිටතට පැමිණෙමින් සිටින බව පැහැදිලි විණි.
තවත් විනාඩි කීපයක් ගතවිය. ට්රැක්ටරය තුලම එම කාන්තාව දරුවා බිහි කළාය. ඇයට වින්නඹුකම් කළේ බෙනඩික්ටා සොයුරියයි.
මෙතෙක් කෑ මොර දෙමින් හුන් මවගේ මුහුණේ සතුටු කඳුළු නැගෙමින් තිබුණද ඉතාමත් දුර්වල තත්වයකින් සිටි ඇය සීතලෙන් වෙව්ලන්නට වූවාය. දරුවාද සීතලය නිසා හඬයි.
"ෆාදර් මේ අම්මවයි දරුවවයි අද රෑ නතර කර ගන්න වෙනවා." කන්‍යා සොයුරිය මයිකල් පියතුමා කැඳවමින් කීවාය.
"ඒක කළයුතු නම් කොහොමහරි කරන්න ඕනෑ." මයිකල් පියතුමා පැවසීය.
"අද ඉන්න විදියක් නෑ සුවාමි."
ට්‍රැක්ටර් රියදුරු දෙසද හොරැහින් බලමින් එම කාන්තාවගේ සැමියා බයාදු හඬින් කියා සිටියේය. මයිකල් පියතුමා කන්‍යා සොයුරියන් දෙස බැලුවේ කුමක් කළ යුතුද යන ප්‍රශ්නාර්ථය මුහුණට නගා ගනිමිනි.
"ඇයි නවත්වන්න අමාරු?" බෙනඩික්ටා කන්‍යා සොයුරිය කරුණාබර හඬින් විමසුවාය.
"අනේ සිස්ටර් මේ ට්‍රැක්ටරේට හදිසි ගමනක් යන්න තියෙනවා. මේකෙන් දැන් නොගියොත් මගේ ගෑණිව ගෙදර එක්ක යන්න විදියක් නැතිව යනවා" අසරණ ගැමියා යළිදු පැවසීය.
ඊලඟ පිටුවට
0 comments:
Post a Comment