පියතුමා පන්සලේ බණ දේශනා කරයි......

. Tuesday, November 3, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


"අද ගස් කොළන් කපා දාලා අක්කර දහස් ගාණක උක් වගා කරලා. පස නිසරු වෙලා. ජල උල්පත් හිඳිලා, ගොවිතැන් පාළු වෙලා. අපේ දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙනවා. අපේ රටේ ධනවතුන් බලවතුන් අපේ ඉඩකඩම් අල්ලගෙන ඒවායේ ඉන්න පදිංචි කාරයන්ගේම දහඩිය මහන්සියෙන් මේ විදියට වගාවන් කරලා මහා ධනස්කන්ධයක් හම්බකරවාගෙන සුර සැප විඳිනවා. මේක මේ රටේ ධනවතුන් බලවතුන් කරනු ලබන මිනීමැරීමක්. බුදුරජාණන් වහන්සේ පළවෙනි සිල්පදයෙන් උගන්වා තිබෙන්නේ සතුන් මරන්න එපා ඒක පාපයක් කියලා. ඉතින් මේ මිනීමැරීම තුළින් සිද්ද වෙන්නෙ ඒ පළවෙනි සිල්පදය බිඳීමක් නොවෙයිද?

අපිට අයිති දේවල් බලෙන් උදුරගෙන ඒවයේ ඔවුන්ට ඕනාකරන බෝග වවනවා. ඒක එක්‍තරා වැදගත් විදියක හොරකමක්. ඒ කියන්නේ දෙවෙනි සිල්පදය බිදීමක්.

මේ ධනවතුන් බලවතුන් කියන්නේ "දියුණු වෙන්න නම් ඔහොම බෑ හොඳට ඇඟ මහන්සි කරලා වැඩ කරන්න ඕනෑ. කියලා. නැති බැරි කම කියන්නේ ලබා උපන් හැටියට කරුමෙ හැටියට සිද්ධ වෙන දෙයක් කියලයි ඔවුන් කියන්නේ. නමුත් සැබෑ බුද්ධාගමේ එහෙම දෙයක් ඉගැන්වෙන්නේ නැහැ. මේ මිනිස්සු මොන තරම් දාඩිය හෙලලා මහන්සි වෙනවද? ඒත් ඒකේ ප්‍රයෝජනය ලබන්නේ කවුද? ඔවුන් හෙලන දාඩිය වල අගයක් නෑ. ඒවා හූරා ගන්නවා. මේ තෙවෙනි, සිව්වෙනි සිල්පද බිඳීමක්. මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරවන්න මේ සමාජය පුරාම සුරාව, සූදුව, අසභ්‍ය දේ වලින් පුරවලා. මිනිස්සු ම්ං මුලා කරලා. ඒක පස්වෙනි සිල්පදය බිඳීමක් නේද?"

බණ අසමින් සිටි පිරිසට මෙය අලුත් බණක්ම විය. එහෙත් ඒ බණ තුළ ඔවුන් අද පවතින සත්‍ය තත්වය දුටුවහ. නිහඬව නිසලව දැහැනකට සමවැදුනාක් මෙන් ඔවුහු දැඩි වුවමනාවකින් මයිකල් පියතුමා දෙසන ධර්ම දේශනාව අසා සිටියහ.

මයිකල් පියතුමා බුත්තල ප්‍රදේශයට පැමිණ වසර කිහිපයක් ඉකුත්ව ගොස් තිබිණි. මේ වන විට ඔහු එම ප්‍රදේශයේ දිළිඳු ගැමියන් වෙනුවෙන් කර තිබූ සේවාව අපමණ විය.

------ 56 ------


ඊලඟ පිටුවට

0 comments: