බුත්තලට ආ අසිරිමත් අමුත්තා - 01

. Monday, September 28, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks


1 වන පරිච්ඡේදය

බුත්තලට ආ අසිරිමත් අමුත්තා


බැලූ බැලූ හැම තැනකම දිස්වූයේ කාෂ්ටක අව්වෙන් පීඩිත බාගෙට මියැදි තිබූ ගස් කොලන්ය. ඒ අතර තැනින් තැන ඉලුක් සෙවිලිකොට කටු මැටියෙන් නිමවූ කුඩා පැල්පත් බඳු ගෙවල් දිස්විණ. උළු වහලක් ඇති ගෙයක් දෙකක් මහපාර අද්දරට වන්නට තිබෙනු දැකිය හැකිවිය. ගිනි අව්වෙන් මතුවෙන මිරිඟු දිය පිටාරය බලන්නෙකුගේ දෙනෙත් පීඩාවෙන් හැකිල වීමට සමත් විණි.



ගැමියන්ගේ දෙනෙත් මැළව ගොස් තිබුණේ දැඩි අව් රශ්මියට නොවේ. දරිද්‍රතාවයත් අසරණකමත් ඔවුන්ගේ ජීවිතය ඉදිරියේ සුවිසල් පවුරු බැඳ තිබුණි. අවුරුද්දේ වැඩි කාලයක් දැකිය හැකි සිත්පිත් නැති නියඟය ඔවුන්ගේ ජීවිත අසරණ කර තිබූ බව පැහැදිලිය. හේන් කුඹුරු පාළුවී ඇත. මහපොළව පවා ඉරිතැලී ගොසිනි. දරු පැටවුන් බඩ ගින්දරෙන් හඬද්දී, ඔවුන්ගේ දෙමාපියන්ගේ හදවත් සෝ ගින්දරෙන් හඬා වැටෙමින් පැවතියේය.

ඒ බුත්තල, අළුකළවිට ගම්මානයයි. බුත්තල නගරයේ සිට කතරගම පාරේ 1 කණුව ආසලදී මෙම ගම්මානය හමුවේ. අප මෙහි සඳහන් කරනු ලබන 1980 වසර සමයේ කතරගම පාර මෙකල මෙන් 'රජ මාවතක්' ලෙස පුළුල් හා පහසුකම් සහිතව පැවතියේ නැත. එය 'රජමාවතක්' වූයේ 1987 කතරගම පැවති ගම් උදාවෙන් පසුවය.

අළුකොළවිට ගම්මානයේ ජීවත් වූ සැවොම හේන් ගොවිතැනින් යැපුණු සුළු ගොවි ජනතාවය. එසේම ඔවුන් සැම දෙනාම බෞද්ධයෝම වූහ.

එක්තරා පැහැබර දිනයෙක විශාල ගමන් මල්ලක් සියතින් ගෙන සරමක් කමිසයක් හැඳගත් මිනිසෙකු මේ ගමට පැමිණියේය. මෙම පුද්ගලයා ගැමියෙකු බව බැලූ බැල්මට පසක් වූ අතර එම ගැමිබව යම් පමණකට හෝ තුරන් වූයේ ඔහු පැළඳ උන් උපැස් යුවළෙන් පමණි.


------ 13 ------


ඊලඟ පිටුවට

2 comments:

Siribiris said...

ලස්සන භාෂා විලාශයක්. ආයි මොනවද, හමුවෙමු හමුවෙමු, හෙටත්.

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

ඒකට ඉතින් ගෞරවය යන්න ඕනා ඉන්දු පෙරේරට. හෙට විතරක් නෙවෙයි දිගටම හමුවෙමු.