නිදාන කතාව - පිටුව 07

. Tuesday, September 22, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


නිදාන කතාව


රැජිණ පුවත්පත සඳහා නවතම මාදිලියක වෘත්තාන්තයක් ලිවිය යුතුය යන අදහස කලක් තිස්සේ මගේ සිත තුළ ඉල්පෙමින් යටපත් වෙමින් පැවතිණි. එහෙත් ඒ කෙබඳු අන්දමේ වෘත්තාන්තයක් විය යුතුද යන්න පිළිබඳ හරි හැටි නිනව්වක් මා තුළ නොවීය. නමුදු මම එබඳු කතා මූලයක් සොයා ගැනීම පිළිබඳ නිරන්තර සෝදිසියකින් පසු වීමි. 


"පන්සලක බණ කියපු කතෝලික පියතුමෙක් ගැන හරිම ලස්සන කතාවක් නම් තියෙනවා. ඒත් ඕවා පත්තරවලට ලියලා දෙපැත්තකින්ම බැණුම් අහන්න වෙයි කියන එක තමයි ප්‍රශ්නේ."


දිනක් මේ පිළිබඳ කතා බහකදි රැජිණ ප්‍රධාන කර්තෘවරයා පවසන ලද්දේ සිත තුළ රඳවා ගත් දෙගිඩියාවකින් මෙනි.


එහෙත් ඔහු පවසන ලද වදන් කිහිපය තුළ මා මෙතෙක් සොයමින් සිටි අන්දමේ කතා බීජයක් රෝපණය වී ඇති වගක් මට තදින්ම හැඟෙන්නට විය.


"මේ වගේ කතා වලින් කිපෙන්නේ ආගමික අන්තවාදීන්, මැදිහත් අදහස් තියෙන බෞද්ධ කතෝලික දෙපිරිසම මේ වගේ කතාවක් කියවන්න කැමති වේවි. අනික බෞද්ධ කතෝලික සහජීවනයට වුණත් මේ වගේ කතාවක් හුඟක් වැදගත් වෙන්න පුලුවන්." ආදී වශයෙන් මගේ අදහස් පලකල මම " එහෙම නම් මම ගිහින් ඒ පියතුමාත් එක්කම මෙ ගැන මූලිකව සාකච්ඡා කරන්නද? " යි කර්තෘවරයාගෙන් ඇසීමී.


"ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ පියතුමාව විඩි තියලා මරල දාලා දැන් සෑහෙන කලක් වෙනවා." ඔහු පවසන ලද්දේ මා කෙසේවත් නොසිතූ නොපැතූ කතාවකි.


" කවුද ඒ අපරාධය කළේ? " මම කර්තෘවරයාගෙන් ඇසීමි.


" මේක සිද්ධ වුණේ අසූ හතේ භීෂණය කාලෙ. කොහොමත් ඒ පියතුමාගේ හිසට තුවක්කු කීපයක්ම එල්ල වෙලා තිබුණා...... ඒත් කොකා ගැස්සුණේ කොයි තුවක්කුවෙන්ද කියන්න අදත් කිසිම කෙනෙක් දන්නේ නැහැ.


------ 7 ------





0 comments: