නිවහනට පදිංචියට පැමිණෙයි.

. Tuesday, September 29, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


එම පුද්ගලයා පසුපසින් තවත් මිනිසකු විය. අළුකළවිට ගමේ ඉලුක් සෙවිලි කොට කටුමැටියෙන් නිමැවුණු පුංචි නිවහනක මේ අපූරු මිනිසා පදිංචි විය. එම පුංචි නිවහන "සුබසෙත් ගෙදර" නම් විණි.

දුකින් පිඩිතව දරිද්‍රතාවයෙන් මිරිකෙමින් එදා වේල හම්බ කරගන්නට වැර වෑයමක යෙදුණු මේ ගම්මුන්ට මෙම පුද්ගලයා අලුත් කෙනෙකු නොවීය. මීට පෙරද ලියෝ නානායක්කාර බිෂොප් තුමා ඇතුළු තවත් කිහිප දෙනෙකු සමඟ හෙතෙම වරින්වර මෙහි පැමිණ කුළුපග අයුරින් කතා බහ කොටද තිබිණ. මේ අපූරු මිනිසා කෙසඟ සිරුරුවලින් යුතු තම සිඟිති දරු පැටවුන් වඩාගෙන සුරතල් කල අයුරු, ඔවුන් සිනාගැන්වූ අයුරු ගැමියන්ට මතකය. කතා බහෙන් හැසිරිමෙන් ගැමියනුත් ඔහුත් අතර කිසිදු වෙනසක් නැත. එපමණටම මෙම පුද්ගලයා පිටස්තර හෝ ආගන්තුක බවින් තොරවූ අතර ඔහු තමන්ගේම කෙනෙකු මෙන් සිතෙන තරමට තමාට සමාන අයුරක් ගැමියන්ට දැනිණි.

අළුකළවිට ගැමියන් අතර හිඳිමින් ඔවුන් හා ගැවසෙමින් හිඳින මේ අපූරු මිනිසා කතෝලික පූජකවරයෙකු බව ගම්මුන් දැන සිටියහ. එහෙත් වෙනත් පුජකවරුන් මෙන් ඔහු පූජක ලෝගුව ඇන්දේ නැත. නිතර දෙවේලේ ඔහුගේ වත සැරසුවේ සාමාන්‍ය සරමක් හා කමිසයක් පමණි. එයද බෙහෙවින් චාම් බවින් යුතුවිය.

"ඔය මනුස්සයා හරිම අමුතු කෙනෙක්. මොකටද දන්නෙ නෑ හදිස්සියෙම ඇවිත් මෙහෙ පදිංචි වුණේ."

අවට ලෝකය ගැන තරමක් විමසිලිමත් වන ගැමියෝ එම පුදගලයා පිළිබඳව එසේ කතා කළහ. නිරතුරුවම කටුක දුක් අනුභව කරන බොහෝ ගැමියන්ට ගමට අළුතින් එන යන අය පිළිබඳ සොයා බලන්නටවත් වෙලාවක් නොතිබුණමුත් මයිකල් පෝල් රුද්‍රිගු නමැති මෙම පූජකවරයා තුළ අසාමාන්‍ය තරමටම තිබූ සාමන්‍ය බව හමුවේ ගමේ තරුණයන් අතර ඔහු ජනප්‍රිය පුද්ගලයකු බවට පත්වී තිබිණි. එබැවින් ඔහුගේ දිළිඳු නිවහන වූ "සුබසෙත් ගෙදර" නිතර දෙවේලේ නොයෙකුත් පුද්ගලයන්ගෙන් පිරී යන්නට පටන් ගත්තේය.

------ 14 ------


ඊලඟ පිටුවට

2 comments:

දුකා said...

පහුගිය දවස් ටිකෙම මේ පැත්තේ එන්න ලැබුනේ නෑ . . . ඒත් අපි ආසාවෙන් බලන් ඉන්නවා ඔයා මේ කර ගෙන යන වැඩේ දිහා . . ඒ වගේම මේ පොතත් ආසාවෙන් කියවනවා . . . හොඳ පොතක් එකපාරට ම කියවල අමතක කරලා දාන්වට වඩා මෙහෙම ටිකෙන් ටිකෙ කියවන්න ලැබෙන එකත් අමුතු අලුත්ම අත්දැකීමක් . . . ජයවේවා . . . ! අවසාන පිටුවට වෙනකම් ලියාගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා . .

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

ස්තූතියි දුකා අයියා.