මෙතෙක් කතාව
මෙම වෘත්තාන්තය පළවීම ආරම්භ වූ මුල් සතිවල එවන් දුරකථන ඇමතුම් ගණනාවක් ද අප වෙත යොමු විය.
එහෙත්, එම වෘත්තාන්තයේ මූලික හරය එය පත්‍රයේ පළ වූ මුල් සති කිහිපය තුළ ප්‍රකට නොවීමෙන් ඔවුන්ගේ අවේග පිබිදුණු බව දැනගත් මම නිසොල්මනේ මගේ කාරිය කරගෙන ගියෙමි.
"මා හට මයිකල් රුද්‍රිගු පියතුමා හමු වීමට අවශ්‍යය. එතුමන්ගේ වත්මන් ලිපිනය හා දුරකතන අංකය දන්වන්න." මෙම වෘත්තාන්තය පළවීම ඇරඹී සති හත අටකින් ඉහත සඳහන් ඉල්ලීම සහිත ලිපි, තැපැල් පත් සේම දුරකතන ඇමතුම්ද නිතර නිතර ලැබෙන්නට විය.
කෙසේ හෝ කිසියම් බලවේගයක් විසින් මෙහෙයවනු ලැබූ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් පියතුමාගේ මොළය පුපුරා ගොස් එතුමන් එතැනම ජීවිතක්ෂයට පත්වූ සිද්ධිය විස්තර කරමින් මෙම වෘත්තාන්තය නිමවීමත් සමඟම අප වෙත යළි ඒ සම්බන්ධ ලිපි, තැපැල්පත් සහ දුරකතන ඇමතුම් රැසක්ම ලැබිණි. ඒ බොහොමයකින් පවසන ලද්දේ බොහෝදෙනෙකු මෙම වෘත්තාන්තයේ මුල් කොටස් උනන්දුවකින් නොකියවූ බැවින් යළි ඒ කොටස් ද හොඳින් කියැවීමට අවස්ථාව සැලසෙන පරිදි මෙම වෘත්තාන්තය පොතක් වශයෙන් පළ කිරීම යෝග්‍ය බවය. මෙය පොතක් වශයෙන් ඔබ අතට පත් කිරීමට මා අදහස් කරන ලද්දේ ඉහත දැක්වෙන ඉල්ලීම්වලට ද කන්දීමක් වශයෙනි.
"අසිරිමත් මිනිසෙක්" යනුවෙන් "රැජිණ" පත්‍රයෙහි පළ වූ මෙම චරිතාපදානය මෙසේ පොතක් වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය ධෛර්යයත් ශක්තියත් ලබා දුන් සුමති සමූහ ව්‍යාපාර, සභාපතිනි මිලිනා සුමතිපාල මැතිනියටත් සීමාසහිත සුමති පුවත්පත් (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයටත් මගේ ප්‍රණාමය පළමු කොට හිමි කරමි.
එසේම මෙම ලිපි පෙළ සැකසීමේ දී මෙන්ම ග්‍රන්ථය කලඑළි දැක්වීමේ දී ද නිරන්තරයෙන් මට මඟ පෙන්වූ රැජිණ ප්‍රධාන කර්තෘ තිලක් සේනාසිංහ මහතාටත් මගේ කෘතවේදීත්වය හිමි වෙයි.
ඊලඟ පිටුවට
0 comments:
Post a Comment