නිදාන කතාව අවසාන කොටස

. Friday, September 25, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව

මයිකල් රුද්‍රිගු පියතුමන්ගේ ජීවන චරිතාපදානයට අවශ්‍ය කරුණු සොයා යන ගමනේ දී මට මුහුණ දෙන්නට සිදු වූ බාධක අවහිර එමටය. ඇතැම් ආගමික ස්ථානවලින් පළමුව මගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ "ඔබේ ආගම කුමක්ද?" යන්නය. මා බෞද්ධ බව කී සැනින් "එහෙම නම් වෙන දවසක එන්නැයි" කියා අඩවන් වූ දොරවල්ද යළි වසාගත් පැවදි පාර්ශවයේ බොහෝ දෙනෙකු ගැන මට මේ මොහොතේ සිහිපත් වෙයි. එසේ මයිකල් රුද්‍රිගු පියතුමන්ගේ නම ඇසුණු පමණින් එක්වරම මුහුණ අඳුරු කරගෙන මා හට ඔහු පිළිඹඳව තොරතුරු දීමට මැලිකම් පෑ පැවිදි පිරිස් ද විරල නොවූහ.



මෙවන් තත්වයක් යටතේ මෙම ලිපි පෙළ ලියන අදහස නොකැමැත්තෙන් වුව අතහැර දමන්නට සිදු වූ මොහොතක තව දුරටත් ධෛර්යය උපදවා ගත් මම අවසානයේ මහත් උත්සාහයක් දරා මයිකල් රුද්‍රිගු පියතුමාගේ එකම සොයුරා වූ සෑම් රුද්‍රිගු මහතා හමුවීමි. සැබවින්ම මට අවශ්‍ය තොරතුරු සේම තමන් ලඟ තිබූ මයිකල් පියතුමාගේ විවිධ ඡායාරූප කිහිපයක් පවා ලබා දෙන්නට සෑම් රුද්‍රිගු මහතා සහ එම මහත්මියත් නොපැකිලවම ඉදිරිපත් වූහ. මේ මොහොතේ එම යුවළ ද ස්තූති පූර්වකව සිහිපත් කරමි.

එසේම මයිකල් රුද්‍රිගු පියතුමා ගේ කාර්යයන්ට අතහිත දෙමින් මහත් කැපවීමෙන් ක්‍රියා කළ මිල්බර්ගා කන්‍යාසොයුරිය ද මෙම ලිපි පෙළ ලිවීමේ දී මට තොරතුරු ලබා දීමෙන් උපකාර කර තිබිණි. ඇයට ද මගේ ස්තූතිය හිමි වෙයි.

බොරැල්ල කිංසි පාරේ යුක්තිය සාමය සහ මානව සංවර්ධන පිළිඹඳ ජාතික කතෝලික කොමිසමෙහි චාන්දනී වටවල සොයුරිය ද මයිකල් රුද්‍රිගු පියතුමා පිලිඹඳ තොරතුරු සෙවීමේදී මට බෙහෙවින් සහයෝගය ලබා දුන්නාය. ඇයටද මගේ කෘතඥතාවය පුද කරමි.

ඒ සමගම මෙවැනි කාර්යයන් හිදී නිරතුරු මා දිරිගන්වන එකම දියණිය තාරකාව ද මේ මොහොතේ මට සිහිපත් වෙයි.

ඉන්දු පෙරේරා

------ 10 ------


ඊලඟ පිටුවට

0 comments: