නිදාන කතාව පිටුව 8

. Wednesday, September 23, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


අසූ හතේ අපේ රටේ ඇති වුණු භීෂනයට මුල දේශපාලන කැරැල්ලක්. ඒත් මේ පියතුමා කිසිම ආකාරයකින් අපේ රටේ දේශපාලනයට සම්බන්ධ වුණු කෙනෙක් නෙමෙයි. නමුත් ඒ භීෂණ අන්ධකාරය අතරින් ආපු අභිරහස් වෙඩි පහරක් තමයි පියතුමාගේ හිස ඇතුලට කිඳා බැස්සේ. අනික ඝාතකයා වෙඩි තිබ්බේ පියතුමාගේ මොළය ඉලක්ක කරගෙන. ඒ වෙඩි පහරින් පියතුමාගේ මොළය පුපුරලා, ඒ මස් වැදලි හතර අතට විසිරුණා. එත් එතුමාගේ චින්තනය, දර්ශනය විනාශකරන්න ඒ ඝාතකයාට බැරි වුණා. ඒක අදටත් වඩා දිප්තිමත් විදිහට හෙට මේ සමාජයට පෙනේවි." කර්තෘවරයා කීය.

" එතකොට ඇයි ඒ අභිරහස් මිනිමැරුම ගැන සොයාබලන්න කොමිසමක්වත් පත්කරන්න මේ වන තුරාම කවුරුවත් උනන්දු නොවුණේ?" මම වේදනාවෙන් යුතුව ඇසීමි.

" අන්න ඒක තමයි දැන් සමාජය හමුවට ඉදිරිපත් කරන්න ඉතුරු වෙලා තියෙන එකම ප්‍රශ්නය. අපේ රටේ හිටපු, දැන් ඉන්න පාලකයො වගේම ආගමික නායකයොත් මෙ පියතුමාගේ මරණය ගැන වග විභාග කරන්න උනන්දුවක් නැහැ. සමහරු එහෙම සොයාබලනවාට අකමැතියි. ඒ ඇයි කියන ප්‍රශ්නය සමාජය හමුවට ගෙනෙන්න පුළුවන් නම් ඒක හුඟක් වැදගත්." කර්තෘවරයා වැඩි දුරටත් පැවසීය.

" එහෙමනම් අපි ඒ පියතුමාගේ චරිත කතාව සතිපතා කොටස් වශයෙන් ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්නයට උත්තරය සපයා ගැනීම පාඨකයන්ටම බාර කරමු" මම යෝජනා කළෙමි.

මෙම පොතෙහි එන අසිරිමත් මිනිසාගේ චරිතාපදානය රැජිණ පත්‍රයෙහි ලිපි පෙළක් වශයෙන් ඇරඹීමේ නිදාන කතාව එයයි.

" වැඩිපුරම බෞද්ධ කාන්තාවන් කියවන රැජිණ වගේ පත්තරයක කතෝලික පියතුමෙකුගේ කතාවක් ඇදලා ගත්තේ මොකටද? ඒ නිසා ඕක නතර කරලා වෙන මොනවා හරි පටන් ගන්න." මෙම චරිතාපදානය පත්තරයේ පළවීම ඇරඹුණු මුල් සති දෙක තුන තුළ එවන් ලිපි සහ දුරකථන ඇමතුම් රැසක්ම අප වෙත ලැබිණ.

" ඔයාලා උත්සහ කරන්නේ දැන් අපේ ස්වාමිලාත් බුද්ධාගම ගැන පැහැදිලා පන්සල් එන්න පටන් අරන් කියලා රාවයක් පතුරවන්නද? තව සතියකින් හමාරකින් ඔය ලිපි පෙළ නතර නොකළොත් අපි ඔයාගේ ආගමික සංහාරයට විරුද්ධව ලොකු උද්ඝෝෂණයක් පටන් ගන්නවා.


------ 8 ------

ඊලඟ පිටුවට

0 comments: