මගේ බ්ලොග් එකත් සින්ඩියේ........

. Friday, September 18, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

හිතුවටත් වඩා ඉක්මනින් මගේ බ්ලොග් එකත් සින්ඩියට එකතු වෙලා. දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුලත බ්ලොග් එක සින්ඩියට දැමීම ගැන කාලිංග ඇතුලත්මුදලි ඇතුලු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඇඩ්මින් වරුන් හට මාගේ ප්‍රනාමය පුද කර සිටිමි.

මෙපමන කලක් බ්ලොග් කියවමින් සිටි මම මෙම බ්ලොගය තුලින් මා විසින් කියවූ එහෙත් වැඩි දෙනෙක් නොදන්නා ඇතැයි සිතන ග්‍රන්ථ කිහිපයක් ඔබ හා සමඟ බෙදාගැනීමට උත්සහයක් දරනවා. දුෂ්කර ව්‍යායාමයක් වුවද පිටුවෙන් පිටුව වරකට පිටුවක් දෙකක් පමණ මෙහි යතුරු ලියනය කිරීමටයි මාගේ අදහස.

මෙහි ඇති ගුණ දොස් වැරදි අඩුපාඩු ඔබගේ ප්‍රතිචාරයක් ලෙස මෙහි සටහන් කරන ලෙස හා දිගටම මා හා සමඟ රැදී සිටින ලෙස මම ඉල්ලා සිටිමි.

13 comments:

Anonymous said...

හොද අදහසක්... ඒත් ඉතිං යතුරු ලියනය කරන්න වෙලාව යනවා නොවැ....
Scan කරානම් හොද නැද්ද?

කොහොම උනත් සුබ පැතුම් !!!!!

Anju said...

හොඳ වැඩක්..සුභ පැතුම්..!!!

Madhawa Habarakada said...

පිස්සාගේ අදහසට මමත් එකඟයි, හැකියාවක් තිබෙනවනම් ස්කෑන් කරලම දාන්න, මොකද පිටුවක් දෙකක් ටයිප් කරන එක ලේසි වැඩක් නෙමෙයිනෙ.
මටත් මේ වගේ අදහසක් තිබ්බ කාලෙකට ඉස්සෙල්ල. මගේම කියල චූටි පෞද්ගලික පුස්තකාලයකුත් තිබෙනව මට. නමුත් පස්සෙ ඒ අදහස නැති වෙලා ගියා.
කොහ්ම උනත් හොඳ අදහසක්, සුභ පතනව.

අමිල said...

එල එල
කරගන යමු

Phones said...

කාලීන අවශයතාවක් සුබ පතුම්......

__________________________________
www.sriweb.info

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

@ පිස්සා

ඇත්තටම මමත් කල්පනා කලා ඒ ගැන. මම හිතුවෙත් එහෙම කරන්න ගන්න තමයි. ඒත් මට හිතුනා නිකන්ම scan කර කර දාන වෙලා අඩුම ගානේ පලවෙනි පොතවත් type කරන්න. ඉතින් පලවෙනි එක කරලා බලල තීරනය කරනවා ඉදිරිය ගැන.

කොහොම උනත් ස්තූතියි මචං අදහසට.

@ Anju

ස්තූතියි මචං

@ H. Madhawa Ranga,

ස්තූතියි මචං අදහසට. ඔයා පොත් ගැන නොලිව්වත් වෙන වෙන ගැන ක්ෂේත්‍ර ගැන හොඳ ලිපි ලියනවනේ මචං. ඒකත් මදෑ

@ අමිල

ස්තූතියි මචං

@ Phones

ස්තූතියි මචං

ඉන්දික said...

ජය වේවා..යාලුව..
ඔන්න මම දිගටම එනවා..

සිංහ said...

මමත් බොහොම සතු‍ටු වෙනවා අදහසට... මොකද මම පුංචි කාලෙ ඉඳලම පට්ට පොත් පිස්සෙක්. මේ කොම්පූටර් කෙරුවාව නිසා දැන් පොත් කියවෙනව අඩුයි. ඔය දෙකම එකට කෙරෙනවා කියන්නෙ ලොකු දෙයක්නෙ... කොයි එකටත් copyright කතන්දර ගැන හෙම ටිකක් සෝදිසියෙන් ඉන්න වෙයි...

බොහොම ආසාවෙන් බලා ඉන්නවා පළවෙනි පොත කියවන්න... ජයම වේවා...!!!

Rachintha Jayawardhana said...

හරි ෂෝක්. . .මරේ මරු..මූණු පොතෙන් ෆෑන් පේජ් එකකුත් හදහන්කො බං

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

@ ඉන්දික,

ස්තූතියි යාලුවා. මමත් ඒකමයි බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

@ සිංහ,

ඒක ඇත්ත මචං. මමත් පොත් වලින් ඈත් උනා මේකට හුරු උනාට පස්සේ. දැන් ආයෙක් මේකත් එක්කම කරන්නයි කල්පනාව. :)

හොයාගන්න බැරි පොත් සයිට් එකෙකින් මිනිස්සු කියවනවටවත් කැමති වෙයි නේ මචං;)

@ මුචලින්ද,

ස්තූතියි මචං අදහසට., වැඩේ කට්ටියට නැගලා යනවා වගේ නම් අනිවා කරන්නම්.

දුකා said...

අපි ඔබ සමඟයි . . .ඔහොම යමු . . .!

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

ස්තූතියි දුකා අයියේ, දිගටම මේ පැත්තට ඇවිත් යයි කියලා බලාපොරොත්තු වෙනවා,,,,