මෙතෙක් කතාව
අපි හය හතර තේරිච්ච දා ඉඳලා අමුඩකෙටිය ගහගෙන මහ පොළව මත්තෙම නැහුණ මිසක් ඉන් එහාට දෙයක් දන්නේ නෑ. ඒක වෙන්න ඇති සුවාමි ගැන, සුවාමි ආපු කාරනේ ගැන අපිටත් හරි හැටි වැටහෙන්නෙ නැත්තේ" ගැමියා යටහත් පහත් ලෙසින් කීය.
මේ මිනිසුන් අවංකය. හිතේ ඇති දේ ඍජුවම පවසයි. මයිකල් පියතුමාගේ සිතට මහත් සතුටක් දැනිණ. ඔහු ප්‍රසන්න සිනාවක් පෑවේ වඩාත් ලෙන්ගතු අයුරිනි.
" මම ක්‍රිස්තියානි තමයි. ඒත් මං ආවෙ මෙහෙ ඉන්න බෞද්ධයන්ව අපේ ආගමට ගාල් කරන්න නෙමේ. මුන්නැහේලගේ බුද්ධාගමටත් මම හුඟක් ගරු කරනවා. අනික මේ වගේ ගම්වල මිනිස්සු විඳින්නේ පුදුම දුකක්. මට පුළුවන් හැම විදියෙන්ම මේ ගමේ අයට උදව් උපකාර කරගෙන ඔයගොල්ල එක්ක දුක සැප බෙදාගෙන මැරෙන කල් ඉන්නයි මං මේ ආවේ. මුන්නැහේලා වගේ අය දුක් විඳිද්දි කොළඹ මහා මන්දිරවලට වෙලා සැප විඳින්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. " ගැමියා "එහෙමයි සුවාමි" යි...... මහත් වූ ගෞරවයකින් යුතුව පැවසීය.
දූවිල්ල සහ තද අව් රශ්මියට එකසේ මුහුණ දීම නිසා දැඩි දුර්වර්ණ පැහැයක් ගත් අපිරිසිදු පෙනුමින් යුත් අවුරුදු තුන හතරක් තරම් වූ නිරුවත් පිරිමි දරුවෙකු පියතුමා ඉදිරියට පැමිණ මඳක් ඈතින් හිඳ අමුතු සතෙකු දෙස බලන අයුරින් මහත් වූ විශ්මයෙන් යුතුව බලා සිටියේය.
දුටු පමණින් එම අවිහිංසක දරුවා කෙරෙහි පියතුමාගෙ සිතෙහි උපන්නේ මහත් වූ දයාවකි. ඔහු දරුවා වෙත මෘදු සිනාවක් පෑවේය. එහෙත් අමුත්තා පිළිබඳ කුහුල කෙසේවත් අඩු නොවූයෙන් දරුවා පිළිතුරු සිනා පෑවේ නැත.
"මෙහෙට එන්න පුතා" පියතුමා කාරුණිකව පැවසීය.
" මගේ බාල කොළුවා සුවාමි ඔය" එවර ගැමියාද දරුවා දෙස බලා සතුටින් පිළිතුරු දුන්නේය.
අමුත්තා කවුරුන් වුවද හේ තමාට කිසියම් ලැදියාවක් දක්වන බව වටහාගන්නට පුංචි දරුවාට අපහසු වූයේ නැත. ඔහු පිල්කණ්ඩිය දිගේ තැනින් තැන අත තබමින් සැකමුසු බැල්මක් හෙළමින් මඳින් මඳ මෙ පුද්ගලයා වෙත ළං විය.
ඒත් මං ආවෙ මෙහෙ ඉන්න බෞද්ධයන්ව අපේ ආගමට......
------ 19 ------
0 comments:
Post a Comment