සීයට සීයක්ම බෞද්ධ ගමට පියතුමා පැමින......

. Friday, October 30, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව

"මට මේ කිසි දෙයක් මහන්සියක් නෙවෙයි සෝමදාස. අපි පැවිද්දෝ විදිහට මිනිසුන්ට සේවය කරන්න ඕනෑ. සේවයක් වෙනුවෙන් වෙලාවක් අවේලාවක් තැනක් නොතැනක් කියල දෙයක් නෑ. ඒ මනුස්සයට එන්න කියන්න ඇතුලට."

මයිකල් පියතුමා ඉතා කාරුණික ලෙසින් පැවසීය.
පියතුමා පැමිණ මද කලෙකින්ම, අළුකළවිට ඇතුළු එම ප්‍රදේශයට සේවය කිරීම සඳහා අවංක අධිෂ්ඨානයකින් යුතුව පැමිණ ඊට නොදුරු එබඳුම ගෙපැලක පදිංචි වූ මිල්බර්ගා සහ බෙනඩික්ටා යන කන්‍යා සොයුරියන් දෙදෙනාත්, ඔවුන්ගේ සහයට පැමිණි අනිකුත් කිහිප දෙනාත් මේවන විට බෙහෙවින් ගම්මුන්ගේ සිත් දිනාගෙන සිටියහ. ප්‍රදේශයේ විසුවෝ සීයට සීයක්ම බෞද්ධ ජනතාවය. ඔවුහු ඔවුන්ට කිතු දහම උගන්වන්නට උත්සහ කළා නොවේ. අකුරු නොදත්තවුන්ට අකුරු කියා දෙන්නටත්, ළදරු පාසල් ඇති කරන්නටත්, නිරෝගී සෞඛ්‍ය පිළිබඳව වැටහීමක් ඇති කර දෙන්නටත්, මේ ආදී වශයෙන් නොයෙකුත් සේවාවන් ඔවුහු මේ ගමේ මිනිසුන් මූලික කරගෙන සිදු කළහ. "අවබෝධය" නමින් ගම පිළිබඳව සරල විග්‍රහයක යෙදුනු මාසික සඟරාවක් පළ කරන්නට කටයුතු කළ පියතුමා එහි ප්‍රධාන සංස්කාරක තනතුරට පවා පත්කර ගත්තේ ගමේම අයකි.

බෞද්ධ ගෙවි ජනතාව සමඟ ඔවුන්ගේ ගැටළු පිළිබඳව කතා කරන්නට " බොදුනු කිතුනු සංවාදය" ක්ද ඇති කරන්නට මයිකල් පියතුමා වෙහෙස ගත් අතර මේ කිසිවක් මගින් හෝ තම ආගම ප්‍රචාරය කරන්නට මොනම උත්සහයක්වත් දැරුවේ නැත. එපමණක් නොව විදේශ රටක හෙදි පුහුණුව ලැබ සිටි බෙනඩික්ටා කන්‍යා සොයුරියගේ මූලිකත්වයෙන් යුත් "බෙයා ෆුට් නර්සස්" නමින් කොටසක්ද ගැමි කාන්තාවන් අතරින්ම තෝරා පුහුණුව ලබා ඇති කර තිබිණි.

සුබසෙත් ගෙදර තමන්ට අතවැසියෙකු සිටියද බොහෝවිට කඩපිලට යන එක මයිකල් පියතුමා අතින් සිදුවිය. ලෑලි කඩයේ බංකුවල වාඩිවී දාම් අදිමින් සිටි මිනිසුන් සමඟ එක්වී පියතුමා දාම් ඇද්දේය. පත්තර කියවූයේය. ගමේ මිනිසුන් සමග රාත්‍රියට පැල් රකින්නටද ගියේය.

සිංහල වෙදකම ගැන පියතුමාගේ සිතේ ඇතිවී තිබුණේ මහත් උනන්දුවකි. කිසිදු රසායන ද්‍රවයකින් තොරව, ස්වාභාවික ඖෂධ පැලෑටි ආශ්‍රිතව කෙරෙන මේ වෙදකම තුළින් මිනිසුන්ගේ ශරීරයට විය හැකි යහපත විශාලය.

------ 51 ------

2 comments:

Unknown said...

මැවුම්වාදය ‍දැන් ‍ක්‍රිස්තියානියටම පාරාවල්ලක් වෙලා. බයිබලය පරණ ගිවිසුම අළුත් ගිවිසුම කියල සංස්කරණ හැදුවත් මැවුම් වාදය අයින් කරන්න පුළුවන් කමක් නෑ. ඒක ක්‍රිස්තියානියෙ පදනම නෙ. මේ සංස්කරණයේදී පව ගැන නම් ටිකක් දාල කියල පෙනව. මොකද ඉස්සර, ඔච්චර පව ගැන පල්ලිවල කි‍ව්වෙ නැහැනේ. ඕනේම පවක් කරල දූවල යනව පව් සමා කරගන්න. ඒකනෙ ඔය පෘත්‍රග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසි ‍එහෙම බයක් හැකක් නැතුව අමු අමුවෙ ‍මර මරා ඉතිරි අසරණ සිංහල බෞද්ධයන් බෞතීස්ම ‍කලේ? උජාරුවට පල්ලියට ගිහිල්ල පාදිලිට පාපොච්චාරනය කරල එහෙම කියනව අද මම මෙච්චරක් මැරුව, මෙච්චර ගෙවල් ගණනක් ගිනිබත් කලා, මෙපමණක් දූෂණය කලා,,, මේන් ‍බෞතීස්ම කරපු කට්ටිය මේ අය අද ඉදන් පල්ලියට බදු ‍ගෙවයි කියල.

හොදයි ඔබ උගත් කෙනෙකු විදිහට ලංකාවේ මේ අභාග්‍ය සම්පන්න ඉරණම ඉතිහාස පොතෙන් ඉගෙනීම, හෝ වෙන යම් විදිහකින් අසා ඇතැයි සිතමි. බයිබලයට අනුව සියළු සතුන් දෙවියන් විසින් මවා ඇත්තේ මිනිසා‍‍ගේ ආහාරය පිණිසනම්? මිනිසා, දෙවියන් වහන්සේ විසින් මිහිමත මැවූ ශ්‍රේෂඨතමයා නම් ඔබගේ දෙවියා ලංකාවෙ මිනිසුන් මැව්වේ ඒ පර ක්‍රිස්තියානි පිටරැටියන්ගේ විනෝදයටද??? ආහාරයටද???

ඔබ ශ්‍රී ලාංකික සිංහලයෙක්දැයි නොදනිමි, පිලිතුරු බලාපොරොත්තු උවත්, ඔබලඟවත් උත්තර නැතිවග දනිමි….

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

මම ඔයාට මීට කලිනුත් උත්තරයක් දුන්නා. මට තේරෙන විදියට ඔබට වී තිබෙන්නේ ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට සිදුවි ඇති අතීතය අත ඇරීමට බැරි රෝගයයි. හැමදාම පැරණි දේ මතක් කරමින් සිට එක තැන පල් වීමයි.

කොහොම උනත් මම එකම එක දෙයක් කියන්නම්.

"තම ආගම උසස් කර අනෙක් ආගම් පහත් කොට සලකන අය එලෙසින් කරන්නේ තමුන්ගේ ආගමට ඇති වැඩි ඇල්ම නිසා වුවත් එයින් අවාසි වන්නේ තමන්ගේ ආගමටමය."

මේක මම කියන්නේ බෞද්ධාගමට විතරක් නෙවෙයි. හැම ආගමකටම ජාතියකටම පොදු වන කාරණාවක්. තේරුම් ගන්න උත්සහ කරන්න. පෘතූග්‍රීසින් කල වැරදි වලට සිංහලයන්ගෙන් පළිගෙන වැඩක් නැත.