ඈ පුතේ උඹ මාවත් ආගමට ගන්නවද?......

. Friday, October 16, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


තරුණ මයිකල් තුල තිබූ දක්ෂතාවය, කැපවීම, ආගම් භක්තිය මේ ආදී සියළුම ගුණාංග හේතුවෙන් ඔහුට පූජකවරයෙකු වීම සඳහා කැඳවීමක් ලැබිණි. මේ සඳහා වැඩිපුරම ඔහුට බලපෑවේ ශාන්ත පීතර විද්‍යාලයේ රණසිංහ පියතුමාගේ අදහස්ය.
ඒ 1948 වසරය.

මයිකල් පෝල් රුද්‍රිගු පූජකවරයෙකු වීමේ අදහසින් නිමල මරිය නිකායට බැඳුනි. ඉන්පසු රෝමයේ ග්‍රෙගෝරියන් විශ්ව විද්‍යාලයට ඇතුලත්ව දර්ශනය හා දේව ධර්මය පිළිබඳ අධ්‍යාපනය ලබා උපාධියක්ද හිමිකරගත් ඔහු 1954 දී නිල පූජකවරය ලැබීය.

තමා ආදරයෙන් හැදූ වැඩූ සුරතල් කළ පුතු පූජකවරයෙකු වශයෙන් පූජාත්‍රය ලබා මුලින්ම නිවසට පැමිණි දවසේ නැන්දාගේ මුහුණේ කිසියම් සතුටක් සේම දුකක්ද ඇතුව තිබිණි. මේ තමාගේ අත එල්ලී කුඩා කල පුන් පෝ දිනයේ පන්සල් ගිය දරුවා නොවේද? යන්න සිතන විට ඇගේ සිතේ කඳුලක් ඉපිද තිබිණි.

"ඈ මයිකල් පුතේ උඹ මාවත් ආගමට ගන්නවද?" ඒ දුක මතින්ම ඈ ඇසුවාය.

" නැන්දා බුද්ධාගමේම ඉන්න. මං කවදාවත් නැන්දාව ආගමට ගන්නේ නැහැ. ක්‍රිස්තියානි විතරක් නෙවෙයි බුද්ධාගමත් උතුම් ආගමක්...ආගම් කීපයකම වෙනස් විදියට කතා කළත් හැම ආගමකම කියන්නේ මනුෂ්‍යයන්ගේ සත්තුන්ගේ විතරක් නෙමේ මුළු ලෝකෙම යහපත ගැනයි..."

නැන්දා මයිකල් පියතුමා දෙස බලා සිටියේ සතුටු කඳුළු වගුරුවමිනි.

මයිකල් පෝල් රුද්‍රිගු පූජකවරයෙකු වීමේ අදිටනින් නිමල මරිය නිකායට ඇතුළු වන විට ඔහුගේ වයස අවුරුදු විස්ස පසුවූවා පමණි.

ඔහු පූජකවරයකු වූයේ නිකමට හෝ හදිසියේ හිතට ඇතුළු වූ හැඟීමක් මතින් නොවේ. ඊට වඩා බොහෝ පරමාර්ථයන් පියතුමාගේ සිත තුළ තිබිණ. ඒ අනුව මෙරටට පැමිණි මුල් කාලයේදීම මයිකල් පියතුමාට පූජකවරුන් පුහුණු කරවන ආයතනයක් වූ මහනුවර අම්පිටියේ ජාතික දෙව්සත් හලේ කථිකාචාර්ය පදවියක් හිමිවිය.

------ 31 ------

2 comments:

Unknown said...

වරතමානයේදී ශ්‍රී ලංකාවේද හාස්කම් වැහිවැහැලා ඇත. ලෙඩ සුව කරන මිෂනාරි පාදිලියන් බොහෝ ඇත. නමුත් පාදිලි තැනට ලෙඩ සුව කරන හාස්කම් ඇත්තේ පුද්ගලික රෝහල් තුලවේ. මෙවන් ප්‍රෝඩාකාරීන් දැන් ලංකාවේ හැමතැනම ඇත. මොවුන්ට පිටරටවල් වලින් ‍මුදල් ‍ලැබෙන්නේ ලංකාවේ ඇති නිර්මල බුදු දහම විනාශ කරන්නටය. ක්‍රිස්තියානි දහම ලොව පුරා පැතිරවීමට ඔවුන් බයබලයේ පවා නොමැති අන්දමට නීච නින්දිත ක්‍රම උපයෝගී කරගන්නට යෙදුනි. ප්‍රථිපලයක් ලෙස ලන්දේසි ඉංග්‍රීසි පෘතුග්‍රීසි සමයේ පටන් දැන් දක්වා ක්‍රියාත්මක අන්‍යාගමිකයන් බලහත්කාරයෙන් හෝ විවධ ආකාරයේ බොරු ප්‍රචාර මගින්, අත්ලස් දීම ‍මගින් ඔවුන් ක්‍රිස්තියනි කරවා ඔවුන‍්ගේ පෙර ආගම/ දර්ෂනයට විරුද්ධව ‍දරුණු ලෙස පෙළඹවීප පෙන්වා දිය හැක.

ලක්දිවට පැමිණ සිංහලයින් අමු අමුවේ සමූල ඝාතනය අරඔමින් කුඩා දරුවන් උඩ දමා කඩුව මතට වට්ටවා මරා තරුණියන් දූෂණය කර මහලු මව පියා අමු අමුවේ පුළුස්සා තර්ජනය කොට ක්‍රිස්තියනියට බදවා ගැනීමට ඒ බටහිර වාදී මිෂනාරීන් ‍ගත් උත්සාහයෙන් මේ බව මනාවට ඔප්පු වේ. අදද මේ කුමන්ත්‍රණ විවිධ ස්වරූපයෙන් සිංහල බෞද්ධයා ඩැහැ ගැනීමේ යෙදී සිටීග ඔවුන‍්ගේ ඒකායන පරමාර්ථය බුදු දහම ලක්දිවින් තුරන් කිරීම බව ඔබ සිහි තබා ගත යුතුය.

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

@ මලකුණ

ඔබ ක්‍රිස්තියානුවන් වශෙයෙන් පොදුවේ සියල්ලන්වම පටවාගෙන ඇත. ඇත්ත වශයෙන්ම ඔබ චෝදනා එල්ල කරන්නේ මූලධර්මවාදී ඇමෙරිකානු සම්භවය සහිත කුඩා කණ්ඩායම් වලටය. බෞද්ධයන්ටත් වඩා ඔවුන් බිලි බාගෙන සිටින්නේ කතෝලික/එංගලන්ත සභා වැනි පාරම්පරික කණ්ඩායම් වල පුද්ගලයන්වය. ඔවුන්ට එය ඉතා පහසුය. මක්නිසාදත් ඔවුන්ට ආගම විකෘති කර ඉගැන්වීම පමණක් සෑහේ. නමුත් බෞද්ධයන්ට එය මුල සිට කියා දිය යුතුය. ඔබ නිවැරදි සංගනනයක් කර බැලුවොත් මෙය වැටහේවි.

පෘතුග්‍රිසි හා ලංදේසින් මිලේච්ඡ ක්‍රියා කල බව ඇත්තය. නමුත් ඔවුන්ගෙන් පසුව සාමාන්‍ය දේශීය පුද්ගලයන් ඔවැනි දෙවල් කළේ නැතත් ඉංග්‍රිසි පාලන සමය තුල සමහරුන් නම්බු නාම අවශ්‍ය නිසාම තම ආගම මාරු කළ බවද සිහි තබාගන්න.

කතෝලික වැනි ආගම් බලෙන් මිනිසුන් එකතු කරයි නම් ඔවුන් නැවත වෙනස් විය යුතුය. නමුත් නිදහසින් පසුවවත් සියළු දෙනා නැවත බෞද්ධයන් වූයේද නැත.

වර්තමානයේ කතෝලිකයන් ව ආගම විකෘති කර දොල පිදෙනි මාරගයෙන් මෙම කණ්ඩායම් හරවා ගනිතත් ආගම් ප්‍රධානීන් කරනුයේ ඔවුන්ට පහර දීම නොව තම ආගමෙන් කැඩීමට හේතු සොයා එවැනී දේවලට පිළියම් යෙදීමය. එනම් බොරු ප්‍රචාර වලට නොරැවෙටීම සඳහා මිනිසුන්ව දැනුවත් කිරිමය.

බෞද්ධාගමෙන් මිනිසුන් කැඩේ නම් කල යුත්තේද එයමය. බෞද්ධයන් ආගම ගැන කළකිරීමට හේතුව කුමක්ද? කැඩීමට හේතු සොයා එය වැලැක්වීම සිදුකළ යුතුය. එය මෙම කණ්ඩායම් තහනම් කෙරූ පමණින් ඉටුනොවේ.

මක්නිසාද ආගම තිබිය යුත්තේ මිනිසුන් සඳහා මිස මිනිසුන් පවතින්නේ ආගම සඳහා නොවෙන නිසාය.