අපේ ගමේ හැමෝම බුද්ධාගංකාරයො. එහෙව් එකේ සුවාමි මෙහෙ ආ එක............

. Friday, October 2, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව



ඉලුක් හෙවිලි කොට කටු මැටි බිත්තිවලින් වටවූ පුංචි 'සුබසෙත් ගෙදර' ඒ සඳහා කැපවී  තිබිණ. එහි මයිකල් පියතුමාට තිබුණේ වුවමනාවටත් වඩා සිසිලකි. අළුයම 4.00 ට අවදි වන පියතුමා මුලින්ම කරනුයේ දිව්‍ය පූජාව තැබීමය. උදේට සහ සවසට දිව්‍ය පූජාව තැබීමේදි පමණක් ඔහු පූජක ලෝගුව ඇන්දේය.

සුබසෙත් ගෙදර අත්‍යවශ්‍ය බඩු කිහිපයක් හැරුණු විට වෙනත් කිසිවක් තිබුණේ නැත. අඩුම වශයෙන් නිදා ගන්නට ඇඳක් පවා නොතිබිණි. ඒ සියළු සුඛ විහරණයන් පියතුමා ප්‍රතික්ෂේප කළේය. සැප පහසුවට මෙට්ටයක් පවා රහිත කොහොඹ ලෑල්ල පියතුමාට සුවබර නින්දක් ලබා දුනි.

ගමේ පන්සලේ හාමුදුරුවන් සේම ගම්මුන්ද වැඩි දෙනෙකුම මිතුරු වූවත්, තවත් බොහෝ අය එතුමා පිළිබඳව සැක පහළ කළහ. ගමේ මිනිසුන්ව නගා සිටුවීමට නම් මුලින්ම ඔවුන්ගේ සිත් තුළ ඇති සැකයන් දුරු කළ යුතු බව පියතුමාට හැඟිණි.

සමහර විටක තම අතවැසි සෝමදාස කැටුවත් තනිවමත් මයිකල් පියතුමා ගමේ කටු මැටි ගෙවල් වලට යන්නට පටන් ගත්තේ ඒ අදහසිනි.

මේ අසරණ මිනිසුන්ට තමා පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරවීමට පියතුමාට අවශ්‍ය විය.

"ඉඳගන්න දෙන්නවත් හරි හමන් පුටුවක්වත් නැහැ සුවාමි" කරේ වූ කහට බැදි දුර්වර්ණ තුවායෙන් බාගෙට කැඩී ගිය පුටුවේ දූවිලි පිස දමමින් වරක් එක් ගැමියෙකු පැවසුවේ මහත් වූ බයාදු ස්වරයකිනි.

"අපොයි අපොයි මේක මට ඕනෑවටත් වඩා වැඩියි, අර කොහොඹ ගහ නිසා මෙතන ඉඳගත්තම අමුතුම සනීපයක් දැනෙනවා." පියතුමා කීයේ මහත් අස්වැසුමකිනි.

සුවාමි බොහෝම අමුතු විදිහේ කෙනෙක් කියලා ගමේ එක් එක්කෙනා කතා වෙනවා මගේ මේ කන් දෙකටත් ඇහිලා තියෙනව නම් තමා............ඒත් මටත් හිතාගන්න බෑ හරියටම. අපේ ගමේ හැමෝම බුද්දාගංකාරයො. එහෙව් එකේ සුවාමි මෙහෙ ආ එක............මෙහෙ ඇබිත්තං පැලක පදිංචි වෙච්ච එක....... අනේ මන්දා සුවාමි.


------ 18 ------


ඊලඟ පිටුවට

2 comments:

Siribiris said...

හෑමදාම ප්‍රතිචාර දක්වන්න බෑරි වුනාට, අපි කතාව දිගටම කියවනවා.

මේවගේ මනුස්සයෙකුටවත් ඉන්න නොදීපු එවුන්ට නං හෙන හතක්ම ගහන්න ඕනා. මට පුදුම, අපි මේගෑන මෙච්චර කල් නොදෑන හිටි එක ගෑනයි.

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

හැමදාම ප්‍රතිචාර නොදැක්වුවට කියවන එකත් ලොකු දෙයක් මචං. දිගටම කියවන්න එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි පියතුමාට එල්ල වී තිබූ තුවක්කු කට කාගේ එකක්ද කියා.