මෙතෙක් කතාව
දෑතින් දරුවා ඔසවාගත් පියතුමා ඔහු තම උකුල මත තබා ගත්තේය. දරුවාගේ සිරුරේ තැවරී තිබූ දුවිලි පියතුමාගේ සරම සහ කමිසයේ වැදුණත් ඔහුගේ අතවැසියා වන සෝමදාස කිසිවක් නොකීවේ පියතුමාගේ ගති ස්වභාවය හොඳින්ම හඳුනාගෙන සිටි බැවිනි.
"රටක් රාජ්‍යයක් පාලනය කරන්න තරම් සහජ බුද්ධියක් මේ දරුවා තුළ තියෙන්න පුළුවන්. ඒත් ඒකට වාසනාව මේ දරුවා තුළ නැහැ. ඒකට තියෙන්නේ එකම එක හේතුවයි. මේ වගේ අසරණ දරුවන්ට හිමි වාසනාවත් සමාජයේ වරප්‍රසාද ලත් අය විසින් උදුරා ගැනීම, අපි ඉගෙන තියෙන ප්‍රමාණය වුණත් කොයි තරම් සුළුද කියලා හිතෙනවා සෝමදාස, මේ මිනිස්සු අතර ගැවසිලා ඉගෙන ගන්න ලැබෙන දේවල් ගැන හිතෙන කොට....." පියතුමා කීයේ දිගු සුසුමක් හෙළමිනි.
" මෙහේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ කුසගින්න. මේ අය මේ හැම දුකක්ම විඳින්නේ හාමතෙන් නොමැරී ජීවත්වෙන්නයි. මම කීප දෙනෙකුටම කිව්වා බීඩී, සිගරැට් සුරුට්ටු බොන්න එපා. බුලත් විට කන්න එපා. ඒවා එක එක විදියේ භයානක රෝගවලට මුල කියලා. ඒත් මිනිස්සු ඒ ඒ වෙලාවට පිළිගන්නවා විතරයි පිළිපදින්නේ නෑ."
" මෙහේ මිනිස්සු ඒවට ඇබ්බැහි වෙලා සුවාමි. අත් අරවන්න අමාරු ඇති." සෝමදාස තමාට හැඟෙන දේ පිළිතුරු වශයෙන් පැවසීය.
"ඒකම නෙමේ සෝමදාස, මිනිස්සු හරියකට කන්න නැතිව දුක් විඳිනවා. බුලත් විට කන්නේ, දුම් බොන්නෙ, තේ කහට බොන්නේ ආසාවට නෙමේ. බඩ රවට්ටන්න. ඒ හින්දා එවා ශරීරෙට අහිතකරයි කිව්වට විතරක් වැඩක් වෙන්නෙ නෑ. බඩිගින්නට ප්‍රමාණවත් විදියට ආහාර දෙන්නේ නැත්තම්."
අළුකළවිට ප්‍රදේශයේ ගම්මුන් වැඩි දෙනෙක් ලියන්න කියවන්නට පවා දැන සිටියේ නෑ. ඔවුන් නගා සිටුවීමට නම් කුසට මෙන්ම මනසටද ආහාර දිය යුතුය. ඒ සඳහා ඉක්මණින්ම වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතුයැයි පියතුමා දැඩිව අදිටන් කර ගත්තේය. ඒ අනුව ගත යුතු මූලික පියවර වහාම ගනු ලැබිණි.
වැඩි කලක් යාමට මත්තෙන් පියතුමාගේ සුබසෙත් ගෙදර තම සමීපතම ඥාතියෙකුගේ නිවසක් තරමටම අළුකළවිට සේම නුදුරු ගම්වලද මිනිසුන් අතර මහත් ජනප්‍රියත්වයට පත්ව තිබිණි.
තේ කහට බොන්නේ ආසාවට නෙමේ. බඩ රවට්ටන්න......
------ 20 ------
0 comments:
Post a Comment