පොලිසියට කුදලාගෙන යයි......

. Wednesday, October 7, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව


මිනිසුන් පොදුවේ එය හැඳින්වූයේ ෆාදර්ලගේ ගෙදර, එසේ නැතහොත් සුවාමිගේ ගෙදර යන සමීප නාමයකිනි.

එහෙත් පිටතින් පැමිණ පදිංචි වූ අයෙකු සාමන්‍ය මිනිසෙකු පරිදි හැසිරෙමින් ගමේ මෙතරම් ජනප්‍රියත්වයට පත්ව හිඳීම නොරිස්සූ පිරිස්ද නොසිටියා නොවේ.

මෙබඳු කිසියම් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සුබසෙත් ගෙදරට හිටි හැටියේම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පැමිණියහ. මයිකල් පියතුමා කිසියම් කරුණක් මත සැකපිට පොලිස් නිලධාරීන්ට අවශ්‍ය විය.

පියතුමා අත් අඩංගුවට ගැනීමට හේතුව වශයෙන් පොලීසිය සඳහන් කළේ ගංජා වැවීමක් පිළිබඳව ලැබී තිබූ ඔත්තුවකි.

එහෙත් තමන් කතෝලික පූජකවරයෙකු බව පොලීසියේදි කියා සිටින්නට මයිකල් පියතුමාට අවශ්‍ය නොවීය. එතුමාට අවශ්‍ය වූයේ තමන් නිවැරදි කරු බව සනාථ කරවීමට පමණි.

" මිනිස්සුන්ට තියා තිරිසන් සතෙකුටවත් අහිතකර වෙන කිසිම දෙයක් මං කරන්නෙ නෑ මහත්තයා. අනික් අයගේ යහපත වෙනුවෙන් නම් කරන්න පුළුවන් හැම දෙයක්ම මං කරනවා"

මේ ගැමියා කතා බහෙන් සේම හැසිරීමෙන්ද ගමේ අනික් මිනිස්සුන්ට වඩා වෙනස් බව, පොලිස් ස්ථානාධිපතිට වැටහිණ. එහෙත් එසේ වූ පමණින් එක් වරටම ඔහු විශ්වාස කරන්නට පොලිස් නිලධාරියා පෙළඹුනේ නැත. නොයෙකුත් මිනිසුන් පිළිබඳ මහත් වූ අද්දැකීම් ඇති පොලිස් නිලධාරියා මේ පුද්ගලයා පිළිබඳව විශ්වාස කිරීමට මැලිව තවදුරටත් නොයෙකුත් ප්‍රශ්න විමසීය.

එහෙත් මයිකල් පියතුමා පිළිබඳ හොඳ හැටි අසා පුරුදු වරක් පමණක් යාන්තමට ඔහු දැක තිබූ එක් පොලිස් නිලධාරියෙකු මේ අවිහිංසක බවක් පළ කරන තැනැත්තා දෙස හොඳින් බැලීය.

"දෙයියනේ මේ අර මයිකල් සුවාමිනේ?" ඔහුට ඉබේටම කියවිණි.

වහාම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ගිය හෙතෙම ඔහුගේ කනට කොඳුරා මේ බව සැල කළේය.

" සමාවෙන්න ෆාදර් මං කිසි දෙයක් දැන ගෙන හිටියේ නැහැ." ඔහු අතිශය බැගෑපත් ලෙස පවසා සිටියේය.


------ 21 ------


4 comments:

දුකා said...

ප්‍රාර්ථන . . පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ . . . සම්පූර්න වාක්‍යම කියවන්න බෑනේ . . ටිකක් බලන්න ඇයි කියලා මගේ කොම්පූටරේ ප්‍රශ්නයක්ද මන්දා . ..

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

සම්පූර්ණ වාක්‍යම කිව්වේ කොයි පේලියේද? නැත්තම් මුලු පෝස්ට් එකේමද? පොඩ්ඩක් screen shot එකක් එව්වනම් බලන්න තිබුනා මොකක්ද අවුල කියලා.

Siribiris said...

@දූකා
ම්හූ...,එහෙම අවුලක් නම් පේන්න නෑ. මම IE, Opera, Chome තුනේම කලා. සමහර විට ඔයාගෙ මෑසිම වෙන්න පුලුවන්.

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

ඒක තමයි. ස්තූතියි LazyOwl. මම හිතන්නෙත් දුකා ගේ මැෂිමේ අවුලක් තමයි...